රඳවා ගත් ශ්‍රී ලාංකිකයින් රැගත් නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ යටතට

රඳවා ගත් ශ්‍රී ලාංකිකයින් රැගත් නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ යටතට

මාස 04කට ආසන්න කාලයක් නීතිවිරෝධි ලෙස මධ්‍යම අප්‍රිකානු රටක් වන ඉක්වටෝරියල් ගිනියා හි රඳවාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සිටින නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට ගැනීමේ සූදානමක් පවතී.

මෙම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක් විසින් වාර්තා කෙරුණු අතර, මේවන විට ඒ් පිළිබඳ නයිජීරියානු තානාපති කාර්යාලයේ බලධාරීන්ගේ ද අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මෙම යාත්‍රාව පසුගිය අගෝස්තු මස 12 වන දින ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉක්වටෝරියල්ගිනියාවේ නාවික ආරක්ෂක අංශ විසිනි.

පසුව ඔවුන් මාස 04කට ආසන්න කාලයක් එහි වරායක රඳවා තබාගෙන ඇති අතර මුදල් ගෙවීමෙන් අනතුරුවයි එම නෞකාව මුදාහැරීමට පියවර ගෙන ඇත.

එහෙත් පසුව සිය නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ විසින් යළිත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට මැදිහත් වන ලෙස  එම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා තිබිණි.

මෙම නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය 26 ක් වන අතර ඉන්දියානුවන් 16ක්, ශ්‍රී ලාංකිකයන් 8ක්, පෝලන්ත ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු සිටින බව සඳහන්ය.