අනතුරට පත් යාත්‍රාවේ සිටි ලාංකිකයින් ගෙන්වන්න ලෑස්තියි

අනතුරට පත් යාත්‍රාවේ සිටි ලාංකිකයින් ගෙන්වන්න ලෑස්තියි
නීතිවිරෝධී ආකාරයෙන් කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වු යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.
 
අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එහි සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
 
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වුණේ වියට්නාමය සහ සිංගප්පූරුවට ආසන්න මුහුදේ දීය.
 
වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබු අතර ඒ අනුව අදාළ යාත්‍රාව අසලින් ගමන් කරමින් තිබු ජපානයට අයත් නෞකාවක් විසින් ලාංකිකයින් මුදාගෙන තිබුණි.
 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ යාත්‍රාවේ කාර්මික දෝෂය හටගත් අවස්ථාවේ යාත්‍රාවේ සේවකයින් පිරිස ඉන් පළාගොස් ඇති බවයි.