නයිජීරියාව බාරයේ සිටින ලාංකිකයින් ගැන සොයා බලයි!

නයිජීරියාව බාරයේ සිටින ලාංකිකයින් ගැන සොයා බලයි!
නයිජීරියානු ආරක්ෂක අංශ විසින්  සිය භාරයට ගෙන ඇති යාත්‍රාවේ සිටින ශ්‍රී ලංකික කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුවදුක් බැලීම සඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මහතා එහි ගොස් තිබේ.
 
නීතිවිරෝධී ලෙස සිය මුහුදු සීමාවට ඇතුළුවීම හේතුවෙන් නොර්වේජියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පසුගිය අගෝස්තු මාසයේදී නයිජීරියානු ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබුණු බැව් වාර්තා විය.
 
එම නෞකාවේ කාර්ය මණ්ඩලය 26 දෙනෙකුගෙන් සමන්විතවූ  අතර ඉන් 16 දෙනෙකු ඉන්දීය ජාතිකයින් බවත්, සෙසු සාමාජිකයින් ශ්‍රී ලාංකිකය, පෝලන්ත හා පිලිපීන ජාතිකයින් බවත්  අනාවරණය විය.
 
එහි සිටින ශ්‍රී ලාංකිකයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී ඇතිබවද මහකොමසාරිස්වරයා පවසා ඇත.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පවරා ඇති අතර මීළඟ නඩු විභාගය ලබන වසරේ ජනවාරි 23 වනදා පැවැත්වෙන වෙන බවද වාර්තාවේ.