හදිසියේම විදේශ රැකියා ආයතන 400ක් තහනම් කරයි.!

හදිසියේම විදේශ රැකියා ආයතන 400ක් තහනම් කරයි.!

පුද්ගලයන් සංචාරක වීසා මගින් රටේ පුද්ගලයින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන තහනම් කළ බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

එම විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍රය තහනම් කර ඇති බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී සදහන් කරයි.

ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.