එතෙර රැකියා අපේක්ෂාවෙන් ඉන්න ලාංකිකයින්ට රැකියා වරම්

එතෙර රැකියා අපේක්ෂාවෙන් ඉන්න ලාංකිකයින්ට රැකියා වරම්

මෙරට සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි මහතා සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන  සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේදී පැවති එම හමුවේදී සෞදි අරාබි තානාපතිවරයා පවසා ඇත්තේ සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක් සිටින බවය.

සෞදි අරාබිය තුළ මෙරට පුහුණු ශ්‍රමිකයන්ට අවස්ථා රැසක් පවතින බව එම සාකච්ඡාවේදී තානාපතිවරයා සඳහන් කර ඇත.

ඊට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට යෝජනා කළ බව සෞදි අරාබි තානාපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉදිරි ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය මෙරටට ලබාදෙන සහයෝගය අගය කළ කථානායකවරයා, එම මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ.