ඉන්දුනීසියාවේ ලිංගික නීතිය විදේශිකයින්ට අදාළ නෑලු!

ඉන්දුනීසියාවේ ලිංගික නීතිය විදේශිකයින්ට අදාළ නෑලු!
විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම් කිරීම ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල කරනු ඇතැ යි විචාරකයන් විසින් පෙන්වාදීමෙන් පසු විදේශිකයින් කෙරෙහි සහනදායි ලෙස බැලීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
 
ඒ අනුව ඉන්දුනීසියාවට පැමිණෙන සංචාරකයන්ට විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියා අපරාධයක් බවට පත් කෙරෙන නව නීතිය යටතේ චෝදනා එල්ල නො වන බව බලධාරින් පවසා ඇත.
 
"බාලි බොන්කිං තහනම" ලෙස නම් කර ඇති මෙම නව නීති මගින් ලිංගික ව එක්වන අවිවාහක ජෝඩු සඳහා වසරක සිරදඬුවමක් හිමි වන බව නිවේදනය කෙරුණද, බාලි හි ආණ්ඩුකාරවරයා පවසන්නේ, බලධාරින් විසින් සංචාරකයන්ගේ විවාහක තත්ත්වය පරීක්ෂා නො කරන බව යි.
 
නව නීති මඟින් රට තුළ මානව හිමිකම් ඛාදනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන නමුත්, මෙම නීති සම්පාදනය ඉන්දුනීසියානු වටිනාකම් තහවුරු කරන බව ඉන්දුනීසියානු නිලධාරීන්ගේ අදහසයි.
 
''බාලි යනු සුපුරුදු පරිදි බාලි වන අතර, එය සංචාරය කිරීමට සුවපහසු සහ ආරක්ෂිත තැනක්'' යනුවෙන් බාලි ආණ්ඩුකාර වයාන් කොස්ටර් පවසා තිබේ. 
 

දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ඉන්දුනීසියාවට 2019 දී මිලියන 16කට වැඩි පිරිසක් පැමිණ ඇති බව ද වාර්තා වේ.