මාලදිවයින් රැකියා දෙන බව පවසා වතු කම්කරු පිරිසකට විදලා

මාලදිවයින් රැකියා දෙන බව පවසා වතු කම්කරු පිරිසකට විදලා
මාලදිවයිනේ රැකියා සඳහා යවන බව පවසමින් වතු කම්කරුවන් 197 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
 
නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයායේ පදිංචි වතු කම්කරුවන්ට මාලදිවයිනේ අලුතින් ඉදි කරන සංචාරක හෝටල්වල රැකියා සඳහා කම්කරුවන් අවශ්‍ය බවත්, ඒ අනුව මසකට රුපියල් එක් ලක්ෂ අසු තුන්දහසක වැටුපක් ගෙවන බවට පවසා තිෙබ්..
 
 පසුව එම තැරැව්කරු විසින් වතුයායේ පදිංචි කම්කරුවන් 197 දෙනකුගෙන් රුපියල් තිස්දහස බැගින් මුදල් ලබාගෙන ඇති බව වතු කම්කරුවන් පිරිසක් ෙපන්වාදී තිෙබ්.
 
පසුව තැරැව්කරු ඉකුත් වසරේ නොවැම්බර් මස 12 දින යළිත් එම වතු යායට පැමිණ නොවැම්බර් 15 දා මාලදිවයිනට යෑමට නියමිත බවත්, ඊට ප්‍රථම වෛද්‍ය පරීක්ෂණයකට පෙනි සිටිය යුතු බවත්, ඒ සඳහා රු.12500 මුදලක් එම වතු කම්කරුවන්ගෙන් අය කරගෙන රත්මලාන ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට එම වතු කම්කරුවන් රැගෙන ගොස් වෛද්‍ය වාර්තාවක් ලබාගත් බවත්, එම වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව තැරැව්කරු අතුරුදන් වූ බවද එම වංචාවට හසු වු වතු කම්කරුවන් කියා සිටියි.
 
තමන් රු 42500 මුදලක් තැරැව්කරු වෙත ගෙවනු ලැබුවේ තම නිවසේ තිබු රන් ආභරණ උකස් කර සහ තම මවුපියන් වතුයායේ වැඩ කර ලබාගත් සේවක අර්ථසාධක මුදල්වලින් බව මුදල් වංචාවට හසු වු අැතැම් වතු කම්කරුවන් පවසා තිෙබ්.
 
තැරැව්කරුවා නොවැම්බර් 15 දින මාලදිවයිනේ රැකියා සඳහා යෑමට සුදානම් වන ලෙස කළ දැනුම් දීම මත තමන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යෑම සඳහා තවත් මුදලක් වැය වු බවද, එම පිරිස කියා සිටියි.
 
. පවත්නා තත්ත්වය හමුවේ තමන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදිහත් වී සිටින බවත්, එම නිසා පවුල් ආරවුල්ද ඇති වී ඇති බවද කියා සිටි එම පිරිස වැඩි දුරටත් කියා සිටියේ මුදල් වංචාව සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තමන්ගෙන් ලබාගත් මුදල් ආපසු තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි.