පෝලන්තයට යවන බවට  කියා සල්ලි ගැරූ ඒ්ජන්සියක් මාට්ටු

පෝලන්තයට යවන බවට  කියා සල්ලි ගැරූ ඒ්ජන්සියක් මාට්ටු
පෝලන්තයට යවන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සියක් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා තිබේ.
 
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි එම ඒජන්සිය ඊයේ දිනයේ  (27) එලෙස වටලා ඇති බව වාර්තා වේ.
 
විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලප්‍රතයක් එම ආයතනයට නොමැති බවට කරුණු අනාවරණයවී ඇති බවය.
 
මෙම ආයතනයට අදාළව මීට පෙරද අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබූ බවද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.