ලබන වසරේ සිට විදේශගත වෙන්න මේ සහතිකය අනිවාර්යයි

ලබන වසරේ සිට විදේශගත වෙන්න මේ සහතිකය අනිවාර්යයි
ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනා වෙත ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි.
 
සාත්තු සේවය සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා ද NVQ 03 වන අදියරේ පාඨමාලාවක් මේවනවිට ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා වැඩිදුරටත් සඳහන් කළේ.