අනතුරට පත් නැවේ කැමැත්ත පළ කළ ලාංකිකයින් ගෙන්වන්න සූදානම්

අනතුරට පත් නැවේ කැමැත්ත පළ කළ ලාංකිකයින් ගෙන්වන්න සූදානම්
මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට යෑමට උත්සාහ දරමින් සිටි අවස්ථාවේදී ගැඹුරු මුහුදේදී යාත්‍රාව අනතුරට පත්වීමෙන් අනතුරුව බේරාගෙන වියට්නාමයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් නැවතත් මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි  පවසයි.
 
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම 304 දෙනාගෙන් 152ක් නැවත මෙරටට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.
 

ඒ අනුව ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පිරිස නැවත මෙරටට රැගෙන ඒමට සහාය වීමට සංක්‍රමණකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය එකඟ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.