පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක්

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා දිනය (26 වැනිදා) සහ වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.
 
සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා එදින ප්‍රධාන කාර්යාලය වසා තබන බවත්, ඒ හේතුවෙන් අයදුම්කරුවන්ට වෙනත් දිනයක් දෙන බවත්  ඉලුක්පිටිය කියා සිටියි.
 
නව දිනය සහ වේලාව අයදුම්කරුවන්ට එස්.එම්.එස්. පණිවුඩයක් ලෙස යොමු කරන බව ද ඉලුක්පිටිය  වැඩි දුරටත් සඳහන් කළේය.