ජපන් රැකියා සඳහා  ලංකාවේ තරුණ තරුණියන්ට වැඩි ඉඩක්

ජපන් රැකියා සඳහා  ලංකාවේ තරුණ තරුණියන්ට වැඩි ඉඩක්

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු  ශ්‍රමිකයින් ට වැඩි අවස්ථාවක් ලබාදීමට  ශ්‍රී ලංකාවේ ජපාන  තානාපති තුමා එකඟ වී තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ  (10) දින ක්‍රීඩා අමාත්‍යංශයේ දී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවක දී තානාපතිවරයා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් චන්දන ජයලාල් , ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ඇතුළු නිලධාරීන් සහභාගි විය.