ඕමානයට සංචාරක වීසා මත කාන්තාවන් යවා මිනිස් ජාවාරම්වලට සම්බන්ධ වූ බව කියන උප ඒජන්තවරුන් තිදෙනකු විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (10) දිනයේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර උප ඒජන්තවරුන් අතර කාන්තාවක්ද සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ඕමානයට ගොස් කරන ලද විමර්ශනයේ දී මිනිස් ජාවාරම්වලට හසු වූ කාන්තාවන් ලබාදුන් ප්රකාශ මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
-
ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට විකිණෙන්නේ ඇයි? - ඔබ මේ කරුණු දැන සිටියාද ?
-
'මාව විකුණලා තිබුණේ ලක්ෂ 18කට', මිනිස් ජාවාරමට හසුවූ ශ්රී ලාංකික කතකගේ කතාව
මුල්ලේරියාව, හලාවත, කඳාන පදිංචි මෙම උප ඒජන්තවරුන් මුදල් අයකරගෙන සංචාරක වීසා මත කාන්තාවන් රට පටවන මිනිස් ජාවාරම කර ඇතැයි හෙළි වී තිබේ.
මීට ඉහතදීත් මෙම ජාවාරමට සම්බන්ධ උප ඒජන්තවරුන් තිදෙනකු මෙම ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.