වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.
මේ අනුව ජපානය ඇතුළු අනෙකුත් රටවල සුදුසුකම් සහිත වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 ජනවාරි 16 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව, ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් SSW කාණ්ඩයේ රැකියා හෝ අවම වශයෙන් NAT – 4 හෝ JLPT (N-4) යන විභාගයකින් සමත්ව සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා සඳහා යොමුවන ශ්‍රමිකයින්ට මෙම අවස්ථාව හිමිවේ.
එමෙන්ම ඊට අමතරව අනෙකුත් රටවල පහත සඳහන් කර ඇති ක්ෂේත්‍රවල වෘත්තිය රැකියා සඳහා යොමු වූ අයවලුන් වෙනුවෙන්ද මෙම දිරිගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
ඉහත සඳහන් කර ඇති රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා වැය කරන ලද පාඨමාලා හැදැරීමේ ගාස්තු හෝ විභාග ගාස්තු සඳහා වැය කරන ලද වියදම් අතුරින් 75% ක වටිනාකම හෝ රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව, එම වියදම් අතුරින් අවම අගය කාර්යාංශය මගින් ප්‍රතිපූර්ණය කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
ඒ අනුව, එම මුදල විදේශ රැකියාව සඳහා යාමට කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව රැකියා අපේක්ෂිතයාට ගෙවීමට කාර්යාංශය පියවර ගනු ලබන අතර, ඒ සඳහා පහත ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
මේ පිළිබඳව වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය ඇමතීම මගින් ලබාගත හැකිය.
