කටුනායක ගුවන්තොටේදී ගුවන් මඟියෙකු හදිසියේ මියයයි

කටුනායක ගුවන්තොටේදී ගුවන් මඟියෙකු හදිසියේ මියයයි
කටුනායක ගුවන්තොටේදී පසුගිය 10 වෙනිදින අලුයම් කාලයේ ගුවන් මඟියෙකු හදිසියේ මිය ගිය පුවතක් වාර්තාවේ. මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයා කැනඩාවේ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි බුද්ධික කරුණාරත්න යන අයවන බවයි වාර්තා වෙන්නේ.
 
ඔහු දීර්ඝ කාලයක සිට කැනඩාවේ පදිංචිව සිටින අයෙක් වන අතර පිටකෝට්ට ප්‍රදේශයේ පදිංචි සිය පවුලේ අය බැලීම සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙ.
 
QR 662 දරන ගුවන් යානයෙන් දෝහා කටාර් සිට මෙරටට පැමිණි මේ පුද්ගලයා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළදී බිම ඇඳ වැටී මියගොස්  තිබෙන බවත් සඳහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.