ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට-තවත් කෙනෙකුට තුවාලයි

ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට-තවත් කෙනෙකුට තුවාලයි
ඉතාලියේ හොරකොරසෙ වික්ටෝරියා මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයකු මියගොස් 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
මෙසේ මියගොස් ඇත්තේ නාපෝලි නගරයේ පදිංචිව සිටි ශනිල්ක නිවන් දුල්ෂාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකු බැව් වාර්තා වේ.
 
දුල්ෂාන් නැමැති තරුණයා පදවාගෙන ගිය යතුරු පැදියේ පසුපස අසුනේ ඔහුගේ මිතුරකු ගමන් කරමින් සිට ඇති බවත්, ඒ් අවස්ථාවේදී මෝටර් රථයක ගැටීමෙන් දුල්ෂාන් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්. ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
 

මෝටර් රථය පදවාගෙන ගිය විසි හැවිරිදි ඉතාලි ජාතික තරුණයා ද,  මෙම මාරක අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

shanilka