රුසියාවේ සේවයට ගිය ලාංකිකයින් රැසක් කුසට අහරක් නොමැතිව අසරණ වෙයි

රුසියාවේ සේවයට ගිය ලාංකිකයින් රැසක් කුසට අහරක් නොමැතිව අසරණ වෙයි
රුසියාවේ ඔෂියෝ ප්‍රාන්තයේ පිහිටි ආර්.ටෙක්ස්ටයිල්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයින්ට නිසි පරිදි වැටුප් නොගෙවන බවට එහි සේවය කරන සේවකයින් ප්‍රකාශ කර තිබේ.
 
මෙම කර්මාන්තශාලවේ විදේශ රටවලින් විශේෂයෙන් ශ්‍රී ලංකාව,ඉන්දියාව, වියට්නාමය,උතුරු කොරියව ආදී රටවල සෑවක සේවිකාවන් 700කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර මේවනවිට කර්මාන්තශාලාවේ සේවකයින්ට නිසි පරිදි වැටුප් ලබා නොදෙන තත්ත්වයකට පත්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
 

වියට්නාම සහ උතුරු කොරියාවේ සිට පැමිණි සේවකයින්හට රුසියානු රූබල් 60000ක වැටුපක් ලැබෙන නමුත් ඉන්දියාව සහ ලංකාවේ සේවකයින්ට ගෙවනුයේ රූබල් 30000ක් පමණක් බවයි එහි සේවය කරන ලාංකිකයින් ප්‍රකාශ කරන්නේ.

රූබල් 30000ක මුදල ගිවිසුම් පරිදි ඉන්දියානු සේවකයින්ට ගෙවීම් කලද ලාංකිකයින්ට ලැබෙන්නෙ ගිවිසුම්ගත මුදලින් අඩවැටුපක් ලෙස රූබල් 15000ක මුදලක් පමණක් බවයි ඔවුන් චෝදනා කරනේ. එමෙන්ම එම මුදලවත් නිසි වේලාවට නොලැබෙන බවත් දෙසැම්බර් මස සහ ජනවාරි මස වැටුපවත් මේවනවිට ලැබී නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.

මේ හේතුවෙන් රුසියාවේ සිටින ලාංකිකයින් 180කට වැඩි පිරිසක් ආහාරයට යමක් හෝ ගත නොහැකිව අසරණවී සිටින බවත් මේ සම්බන්ධයෙන් රුසියාවේ පිහිටි ලක් තානාපති කාර්යාලයට දැනුවත් කළත් එහිදීද කිසිඳු පිළිසරණක් නොලැබුණු බවත් අසරණව සිටින ලාංකික සේවකයින් පෙන්වා දෙයි.

එසේම, රුසියාවට තමන්ව යොමුකරන ලද ඒජන්සිකරුවන් ව්‍යාජ වැටුප් පෙන්වා මෙම කර්මාන්ත ශාලාවට තමන්ව යොමුකර තිබෙන බවත් සඳහන් කරයි.