මෙරට වෘත්තිකයින් සඳහා ඕමානයේ රැකියා දොරටු විවර වෙයි

මෙරට වෘත්තිකයින් සඳහා ඕමානයේ රැකියා දොරටු විවර වෙයි
ශ්රී ලංකාවේ පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා අවශ්ය තරම් ඇති බවත්, සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීයභාවය තිබෙන ඕනෑම ශ්රී ලාංකිකයකුට ඕමානයේ රැකියා සඳහා දොරටු විවර ව ඇති බවත්, ඕමානයේ කම්කරු අමාත්ය මහාචාර්ය Mahad Said Bawan අමාත්ය මනුෂ නානායක්කාර මහතා වෙත පවසා තිබේ.
 
ඕමානය සහ ශ්රී ලංකාව අතර පවතින මිනිස් ජාවාරම වැළැක්වීම, රැකියා ගිවිසුම් සම්බන්ද ආරවුල් විසදීම සදහා යාන්ත්රණයක් සකස් කිරීම සහ ශ්රී ලංකාවේ වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා වැඩි ප්රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අමාත්ය මනුෂ නානායක්කාර අද ඕමානයේ කම්කරු අමාත්ය මහාචාර්ය Mahad Said Bawan හා පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී එලෙස පවසා තිබේ.

 

අමාත්යවරයාගේ සිව් දින ඕමාන නිල සංචාරයේ ප්රධාන අරමුණු අතර දැනට ක්රියාත්මක මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි උපරිම රාජ්යතාන්ත්රික ක්රියාමාර්ග ක්රියාවට නැංවීම සහ මෙරට පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ වැඩි රැකියා අවස්ථා ප්රමාණයක් විවෘත කර ගැනීම ද ඇතුළත් වේ. ඒ අනුව මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරටට ගත හැකි ක්රියාමාර්ග සහ ශ්රී ලාංකික වෘත්තිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස ඕමානයේ කම්කරු අමාත්යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන ලදි.

1

2