තුර්කි ඛේදවාචකය - ශ්‍රී ලාංකික කතක් අතුරුදහන්!

තුර්කි ඛේදවාචකය - ශ්‍රී ලාංකික කතක් අතුරුදහන්!
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් එක් කාන්තාවක සම්බන්ධයෙන් තවමත් තොරතුරු සොයා ගැනීමට හැකියාවක් ලැබී නැතැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පවසයි.
 
ශ්‍රී ලාංකිකයන් 270ක් පමණ තුර්කියේ රැඳී සිටින බවත් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවත් පැවසූ ඇය, එක් කාන්තාවක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නැති බව පවසා ඇත.
 
ඇයගේ දුරකථනය සොයා ගැනීමට හැකි වී ඇතැයි දැන ගන්නට ලැබුණු නමුත් ඇය කොහේ හෝ සිටින්නට හැකි යැයිද ඇය පවසයි. 
 
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෝ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙසද ඇය ඉල්ලීමක් කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට අමතරව 00903124271032 හෝ 00905344569498 දුරකතන අංක ඔස්සේ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බවද තානාපතිනිය පෙන්වා දෙයි.
 
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සදහන් කළාය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේද කියා සිටියාය.
 
 
" ශ්‍රී ලාංකිකයන් 270 දෙනකු පමණ තුර්කියේ රැඳී සිටින බවට මේ වන විට තොරතුරු ලැබී තිබෙන බවත් තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන් පිළිබඳ මේ වන විට සොයා බැලීම් සිදු කරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් කාන්තාවක් පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නැති බවත්ය. කෙසේ වුවද භූකම්පන සිදුවූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී තිබෙන බවද එයින් 14 දෙදෙනකු විශ්වවිද්‍යාල සිසුන් වන අතර සෙසු දෙදෙනා පාසල් සිසුන් බවද ඒ මහත්මිය සඳහන් කළාය.
 
දැනට තොරතුරක් නැති තැනැත්තියගේ ජංගම දුරකථනය ලැබිලා තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඇය ඒක හම්බ වුණත් එයා කරදරයක් නැතිව කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්. තොරතුරු දැන ගන්න ටිකක් අමාරුයි. අපි බලන්නේ පුළුවන් තරම් කිට්ටුවට ඉන්න කවුරු හරි ලව්වා විස්තර ලබා ගන්නයි. ඇය කොහේ ගිහින්දැයි අපි දන්නේ නැහැ. තුර්කි ජාතකයකු සමඟ ඇය විවාහ වී දිගු කලක් මෙහි සිට තිබෙනවා. ඇය අවුරුදු 60ට වැඩි තැනැත්තියක්. සැමියා මිය ගොස් බව දැන ගන්නට ලැබුණා. ඇයට දියණියක් සිටිනවා."