විදේශ සේවා නියුක්ති කාර්යංශය පනතට සංශෝධන

විදේශ සේවා නියුක්ති කාර්යංශය පනතට සංශෝධන

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පනතට සංශෝධන සිදුකිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ලැබ ඇති අතර, එය සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

=ඒ අනුව නීතිවිරෝධී ලෙස විදේශ රැකියා ව්‍යාපාරයට ඇතුළු වී ඇති පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට, උප නියෝජිතයන් මඟින් විදේශ සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවළිය නියාමනය කිරීමට සහ විදේශ රැකියා ක්ෂේත්‍රය හා විගමණික ශ්‍රමිකයින් අනතුරට පත් කෙරෙන මහා පරිමාණ අකුමිකතා හා දූෂණ අවම කිරීමට හැකි වන පරිදි නව විධිවිධාන හඳුන්වා දීමට යෝජිත සංශෝධන මඟින් අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පනත සංශෝධනය කිරීමටත්, ඒ  සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට  උපදෙස් දීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුතම කර ඇත.