සංක්‍රමණිකයින් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

සංක්‍රමණිකයින් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ඉල්ලීමක්
සංක්‍රමණිකයන්ට දොරටු විවෘත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හංගේරියානු රජයෙන් වෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පාප් වහන්සේ මේ ඉල්ලීම කර ඇත්තේ එරට රජයේ සංක්‍රමණ විරෝධී ජාතිකවාදී කැබිනට් මණ්ඩලය සංක්‍රමණිකයන්ට හංගේරියාවට ඇතුළුවීම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමිනි.
 
පසුගියදා හංගේරියාවේ සංචාරය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට බුඩාපෙස්ට් අගනුවර පැවැති ජනහමුවක් අමතමින් මේ ඉල්ලීම කර ඇති අතර, සංක්‍රමණිකයන්ට අවසර නොදීම කනගාටුදායක සහ වේදනාකාරී සිදුවීමක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
 
 හංගේරියාවේ අගමැති වික්ටර් ඕබන් ඇතුළු ලක්ෂයකට ආසන්න හංගේරියානු ජනතාව, පාප් වහන්සේ සහභාගි වූ  එම හමුවට සහභාගි වී ඇ.තැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.
 

එරට අගමැතිවරයාගේ උපදෙස් මත හංගේරියාවට සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට කටු කම්බි වැටක් ඉදිකර ඇති අතර, සංක්‍රමණිකයන්ට දොරටු වැසීම ආත්මාර්ථකාමීත්වය පෙන්නුම් කරන්නක් බව ද පාප් වහන්සේ හංගේරියානු ජනතාව ඉදිරියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.