ඔබත් විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටිනවාද? මේ ගැන සැලකිලිමත් වෙන්න

ඔබත් විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටිනවාද? මේ ගැන සැලකිලිමත් වෙන්න
ඉන්දියානු ඉ-වීසා ලබා දෙන පවසමින් වංචා සහගත ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.
 
එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඉ-- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
 

මේ හේතුවෙන් ඉන්දීය ඉ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබේ.