ඉංග්‍රීසි සුදුසුකම් සහතික හදා කරන මිනිස් ජාවාරමක් මාට්ටු

ඉංග්‍රීසි සුදුසුකම් සහතික හදා කරන මිනිස් ජාවාරමක් මාට්ටු
ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සකසා ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරක් විදෙස් පුවත් සේවා ආයතනයක් විසින් අනාවරනය කර තිබේ.
 
විදේශයන් හි සිට එක්සත් රාජධානියට පැමිණීමට බලාපොරොත්තු වන පුහුණු සේවකයන් වෙනුවෙන් ලබා දෙන වීසා භාවිතා කරමින් මෙම මිනිස් ජාවාරම සිදු කරනු ලබන බව ස්කයි නිවුස් මෙලස පෙන්වා දී ඇත.
 
මෙම මිනිස් ජාවාරමට හසු වූ එක් කාන්තාවක් ස්කයි නිවුස් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් එක්සත් රාජධානියේ රැකියාවක් ලබා ගැනීමට ස්ටර්ලින් පවුම් 65000 ක මුදලක් ජාවාරම්කරුවන්ට ලබා දුන් බවත්, ඔවුන් ඉංග්‍රීසි භාෂාව සඳහා තමන්ට ඉහළ සමාර්ථයක් තිබෙන බව පෙන්වීම සඳහා ව්‍යාජ ලෙස අධ්‍යාපන සහතික සහ අනෙකුත් සහතික සදා දී එක්සත් රාජධානියට වීසා ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් බවත්ය.
 
තමන් එක්සත් රාජධානියට පැමිණෙන විට නාඳුනන වයස අවුරුදු 12 දරුවකු පුත්‍රයා ලෙස පෙන්වා දෙමින් එක්සත් රාජධානියට රැගෙන ආ බවත් ගුවන් තොටුපොළේදී පිරිසක් පැමිණ එම දරුවා රැගෙන ගිය බවත් ඇය පවසා ඇත.
 

තමන්ට රැකියාව කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නොවන බව ජාවාරම්කරුවන් පැවැසුවත් එක්සත් රාජධානියට පැමිණි පසු ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි වීමෙන් තමන් අතරමං වූ බව එම කාන්තාව පවසා තිබේ.