කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි ලාංකිකයෙකු ගුවන් යානයේදී මරුට

කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි ලාංකිකයෙකු ගුවන් යානයේදී මරුට

ඕස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. - 605 දරන ගුවන් යානය, ගුවන්ගතවී මද වේලාවකට පසුව මෙම මගියා මියගොස් ඇති බවයි.

එම අවස්ථාවේ යානය මෙල්බර්න් බලා හරවා නොගොස් කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර ඇත.

මියගොස් ඇත්තේ, යාපනයේ පදිංචි 75 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකි.

මළ සිරුර, මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.