ඉහළ වැටුප් ලැබෙන රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කරනවා නම් මේ ගැන දැනුවත් වෙන්න!

ඉහළ වැටුප් ලැබෙන රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කරනවා නම් මේ ගැන දැනුවත් වෙන්න!

පුපිරි වැටුප් ගෙවන විදේශ රැකියාවලට යොමු කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ තරුණ අඹුසැමි යුවළක් රඹුක්කන බෙලිගොඩපිටිය ප්‍රදේශයේදී  ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා රඹුක්කන පොලිසියට බාරදිමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. .

අත්අඩංගුවට ගත් ස්වමියා සහ බිරිඳ වයස අවුරුදු 27 වියෙහි පසුවන බෙලිගොඩපිටිය ,රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද පොලිසිය පැවසීය.

ජපානය ,ඩුබායි ඉහළ වැටුප් ලබාදෙන, රටවල  රැකියා අවස්ථා ලබාදෙන බව මිනිසුන් මුලාකර ඇති අතර මේ වනවිට සැකකාර යුවළට එරෙහිව මුදල් වංචාව කිරිම යටතේ ලැබිය ඇතයි කියන පැමිණිලි සංඛ්‍යාව අනුව රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණයවි ඇතිබවද පොලිසිය පැවසීය .