ඩුබායි රැකියා සිහින පෙන්වා මුදල් වංචා කල යුවළ දැලේ

ඩුබායි රැකියා සිහින පෙන්වා මුදල් වංචා කල යුවළ දැලේ

ඩුබායි රාජ්‍යයේ චොකලට් නිශ්පාදනාගාරයක රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් (2023.06.23) දින අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම ජාවාරම විවාහක යුවළක් විසින් මෙහෙයවා ඇති අතර, ඩුබායි රැකියා ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රු750,000.00 බැගින් හත් දෙනෙකුගෙන් මුදල් අය කර තිබේ. මුදල් ලබා නොදුන්නද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට මෙම යුවළට විරුද්ධව කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයට පැමිණිලි 7ක් ලැබී තිබුණු අතර, ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවා තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකාරිය මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක සේවය කරන බවට ලද තොරතුරකට අනුව අද දින (2023.06.23) කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මෙම ජාවාරම්කාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියාද කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් පවතී.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය (2023.06.24) දින මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.