විදේශ රැකියා ආයතන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්

විදේශ රැකියා ආයතන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ නව බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (2023.06.22)ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණි.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී කටයුතු සිදුකළ යුතු ආකාරය, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බලපාන්නාවූ නීතිමය පසුබිම, විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, කාර්යාංශය හා විදේශ තානාපති කාර්යාල සමග සම්බන්ධවී කටයුතු කිරීමේදී දැනුවත් වියයුතු තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීමට කාර්යාංශය විසින් මෙහිදී කටයුතු කරන ලදී.

කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී  එල්.ඒ.පී.කේ. ලියන්වල මහතා (ආයතනික කටයුතු හා දේශීය කටයුතු වැ.බ/) එම්. ආර්. සී .බී. ඒකනායක මහතා (අතිරේක සාමාන්‍යාධිකාරී ජාත්‍යන්තර කටයුතු වැ.බ./නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි  ව්‍යාපාර ප්‍රවර්ධන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන  ඉන්දිරා පතිනායක මහත්මිය (ගුවන්තොටුපල,බලපත්‍ර හා ප්‍රචාරක)  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  සෙනරත් යාපා මහතා(පුහුණු), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමථකරන වැ.බ) පී. එම්. රත්නසිංහආරච්චි මහත්මිය ඇතුළු කාර්යාංශයේ   නිලධාරීන් පිරිසක් එක්විය.