දකුණු කොරියාවේ සේවය නිමකර පැමිණි ශ්‍රි ලාංකිකයින්ගේ සුහද හමුවක්

දකුණු කොරියාවේ සේවය නිමකර පැමිණි ශ්‍රි ලාංකිකයින්ගේ සුහද හමුවක්

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියාවේ සේවය නිම කර පැමිණි ශ්‍රි ලාංකිකයින් උදෙසා වාර්ෂිකව පවත්වන සුහද හමුව (Happy Returnee’s Programme ) 2023.06.23 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්. හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රි ලංකා EPS මධ්‍යස්ථානය හා කාර්යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, සාර්ථකව දකුණු කොරියාවේ සේවය නිමකර පැමිණි ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙහිදි දකුණු කොරියාවේ රැකියාව අවසන් කර පැමිණි  ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම හා ශ්‍රි ලංකාවේ පිහිටා ඇති කොරියානු සමාගම් මගින් සලසා ඇති රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන ලදී. එසේම දකුණු කොරියාවේ සේවය කර මෙරටට පැමිණ නව ව්‍යාපාර ආරම්භ කර සාර්ථක වූ ශ්‍රමිකයින් සිය අත්දැකීම් සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමද සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව, KOTRA Sri Lanka හා Saemual Foundation of Sri Lanka යන ආයතනවල නිළධාරීන්ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා නේවාසික අධ්‍යක්ෂ ලී ජූ චුල්, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ