ශ්‍රී ලාංකික කතකට කැනඩාවෙ ඉහළ පුටුවක්

ශ්‍රී ලාංකික කතකට කැනඩාවෙ ඉහළ පුටුවක්
ශ්‍රී  ලංකා සම්භවයක් සහිත කාන්තාවක වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව ඇතැයි එරට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 
 
පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.
 
කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය බැව් සඳහන්ය.
 
තුෂාරා විලියම්ස්  කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇති බවත්,  ඇය  1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
 
ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර ඇති අතර .තුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී තිබේ.
 

ඇය සමාජ, ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවක වන බවත්,  කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.