ඊශ්‍රායල් ලක් තානාපති කාර්යාලයේ දැනුවත් කිරීමක්!

ඊශ්‍රායල් ලක් තානාපති කාර්යාලයේ දැනුවත් කිරීමක්!
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන් සඳහා NVQ සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ සිහිපත් කිරීමක් කර තිබේ. තානාපති කාර්යාලය නිකුත්ක සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
 
ඊශ්‍රායලයේ සේවය කරන සාත්තු සේවක සේවිකාවන් සඳහා ජාතික ආධුනිකත්ව සහ වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පිරිනමනු ලබන NVQ 3 සහ 4 (NVQ 3 සහ 4) මට්ටමේ සහතික ලබා ගැනීමේ  වෘත්තිය පරීක්ෂණය සඳහා මේ වනවිට 517 දෙනෙකු ලියාපදිංචි වී තිබේ. 
 
තානාපති කාර්යාලයේ ඇස්තමේන්තුව වී තිබුනේ දල වසහ්යෙන් 50 දෙනෙකු පමණ ඉල්ලුම් කරනු ඇති  යනුවෙනි.  එහෙත් විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් ඉදිරිපත්වීම නිසා පරිපාලන  වශයෙන් ඇති ගැටළු නිරාකරණය කරගැනීමට ඊශ්‍රායලයේ සිටින ඔබ සියලු දෙනාගේ සහය අපේක්ෂා කරමි.  
 
NVQ 3 සහ 4  මට්ටමේ සහතික ලබා ගැනීමේ  වෘත්තිය පරීක්ෂණය ටෙල්අවිව්, ජෙරුසෙලම්  හා  යන නගර තුනේ පැවැත්වේ. 
 
ඒ අනුව   ටෙල්අවිව් හි  (දින 4ක්)  ජෙරුසෙලම් හි   (දින 3ක්) හා  හයිෆා හි  (දින 3ක්) අදාල වෘත්තිය පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. 
 
NVQ 3 පරීක්ෂණය සඳහා ලිඛිත  පරීක්ෂණයක් නොමැත. NVQ 4 මට්ටම සඳහා ලිඛිත  පරීක්ෂණයක් පැවැත්වේ. ඒ සඳහා සුදානම් වන ලෙස අදාල ඉල්ලුම්කරුවන්ට  දැනුම් දෙමි. එය අන්තරජාලය හරහා කරන පරීක්ෂණයක් අදාල ස්ථානවල දී  කරන පරීක්ෂණයක් ද යන්න  ඉක්මනින්ම  දැනුම් දෙනු ලැබේ. 
 
අදාල පරීක්ෂණය සඳහා රජයේ පරීක්ෂණ ගාස්තු ලෙස රුපියල් 22,000/- මුදලක් ගෙවිය යුතු අතර පැමිණෙන 8-10 අතර කණ්ඩායමේ ගුවන් ගමන්, නවාතැන්, දීමනා, ආහාර ආදිය වෙනුවෙන් තවත් මුදලක් සෑම ඉල්ලුම්කරුවෙකුම දැරිය යුතුවේ.   එම මුදල ගණනය කොට ඉක්මනින් දන්වමි.
 
අදාල පරීක්ෂණය සාර්ථක කරගැනීමට පහත සදහන් කටයුතු සඳහා ඊශ්‍රායලයේ සිටින ඔබගේ සහය අපේක්ෂා කරමි. 
 
1. ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන 8-10 අතර නිලධාරීන්හට  ටෙල්අවිව් හි  (දින 4ක්)  ජෙරුසෙලම් හි   (දින 3ක්) හා  හයිෆා හි  (දින 3ක්) ගතකිරීමට හෝටල් හෝ වෙනත් නේවාසික පහසුකම් ලබාගැනීම. 
2.අදාල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉඩකඩ ඇති ශාලාවන් හදුනා ගැනීම  
3. අදාල කාලය තුල ඔවුනට ප්‍රවාහන පහසුකම් හා ආහාර සැපයිම.
4.   ශ්‍රී ලංකාවේ වෘත්තිය  හා තෘතිය කොමිෂන් සභාවේ ලියාපදිංචිය ඇති ඇස්සෙස්සොර්ස් ඊශ්‍රායලයේ සිටිනම් ඔවුන්ගේ සේවා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. එවැනි  සුදුසුකම් ලත්  ය  සිටිනම් කරුණාකර තානාපති කාර්යාලය අමතන්න. 
 
සෑම කෙනෙකුටම අදාල පරීක්ෂණය සදහා පැය 2-3 අතර කාලයක් වෙන කරන  අතර අදාල කාලය තුළ පරීක්ෂණයට පෙනී සිට ශාලාවෙන් පිටත්විය හැක.  
 
අපගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන පළමු පුහුණු පරීක්ෂණ කාර්යය මෙය වන බැවින් එය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
අදාල පරීක්ෂණ දිනයන් ඉතා ඉක්මනින් දැනුම් දෙමි. 
 
අදාල  පර්යේෂණ ගාස්තු  හා පොදුවේ නියම කරන ලද මුදල් හැර වෙනත් කිසිඳු මුදලක්  කිසිවෙකුටත් ලබා නොදෙන මෙන් කාරුණිකව ඉල්ලමි. 
 
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෙල් අවිව්
ඊශ්රායෙල්

2023  ජූලි 8 වැනිදා