එතෙර ගිය ලාංකික තරුණයෙකු අවාසනාවන්ත ලෙස මරුට

එතෙර ගිය ලාංකික තරුණයෙකු අවාසනාවන්ත ලෙස මරුට
ආචාර්ය උපාධිය සඳහා අමෙරිකාවට ගොස් සිටියදී, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට සැක කරන රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයෙන් විනෝජ් යසංග ජයසුන්දර නමැති 28 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
කැනඩාවේ වැන්කුවර් නගරයේ දී පසුගිය ජුනි 22 වැනිදා සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ විනෝජ්ගේ මෘතදේහය අනතුරින් දින 19කට පසුව කැනඩාවේ සිට මත්තෙගොඩ නදුන් උයනේ පිහිටි සිය නිවස වෙත රැගෙන එනු ලැබිණි.
 
migrate
 
විනෝජ් කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වී තිබේ.
 
එහිදි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හා තොරතුරු තාක්ෂණ උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔහුට හිමි වූ ශිෂ්‍යත්වයකින් ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා අමෙරිකාවේ MARYLAND සරසවියට ඇතුළත් වී තිබේ.
 
එහි තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි විනෝජ් උපාධිය සඳහා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කැනඩාවේ වැන්කුවර් නගරයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.
 
අනතුරින් මෙම තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් කළ තවත් මිතුරෙකු මේ වනවිට අසාද්‍ය තත්වයේ පසුවන බවට වාර්තා පළවෙයි.
 
සිද්ධියෙන් පැය දොළහකට පමණ පසුව එරට බලධාරීන් විනෝජ්ගේ මව්පියන් දැනුවත් කර ඇති අතර අද (11) දේහය රැගෙන එනු ලැබුවේ, කැනඩාවේ සිට දින දහ නමයකට පසුවයි. 
 
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස පස්වරු 02ට ගාල්ල බටපොල මානන්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් එහි පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
 

මේ රිය අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු ඒ වන වට MAGIC MASROOM නමැති මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණි..