ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය තෑග්ග උපතින් ශ්‍රී ලාංකික චන්ද්‍රන්ටයි

ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය තෑග්ග උපතින් ශ්‍රී ලාංකික චන්ද්‍රන්ටයි
ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය වන මයිල්ස් ෆ්‍රෑන්ක්ලින් සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් විසින් දිනාගෙන තිබේ.
 
ඕස්ට්‍රේලියානු-දෙමළ නීතීඥ ශංකරි චන්ද්‍රන් වන ඇය විසින් රචිත “Chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් ඩොලර් 60,000ක සාහිත්‍ය සම්මානය මෙසේ ලැබී ඇති බව වාර්තා වේ. 
 
මෙම නවකතාව ‘ඕස්ට්‍රේලියානු වීම’ යන්නෙහි තේරුම ගවේෂණය කරන නවකතාවක් බව කියැවෙයි.
 
අසූව දශකයේ දී සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළාගිය ශ්‍රී ලාංකිකයෙකු විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව මෙහි අන්තර්ගතය.
 
යුද්ධය, ජන සංහාරය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්වය යන තේමාවන් ද මෙහි ගවේෂණය කර ඇති බවද, සඳහන්ය.
 
වෛද්‍යවරුන්වන ඇයගේ දෙමව්පියන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පළාගොස් ඇති අතර, ඉන් පසුව ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වී ඇත.
 
ඇය ඕස්ට්‍රේලියාවේ කැන්බරා තදාසන්න ප්‍රදේශයේ හැදී වැඩී ඇති අතර තමාට සුදුසු ස්ථානය සහ පිළිගැනීම මෙන්ම ලබා දී ඇති කොන්දේසි පිළිබඳව ඇය සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටි බව කියැවෙයි.
 
චන්ද්‍රන්, ඇයගේ වෙබ් අඩවියේ දක්වා ඇති ජීව දත්ත වලට අනුව, ජාතික හා ජාත්‍යන්තර වැඩසටහන් සැලසුම් කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙන්ම සමාජ සාධාරණත්වය යන විෂය ක්ෂේත්‍රයේ නීතිඥයෙකු ලෙස දශක දෙකක් පමණ අත්දැකීම් ඇත්තියකි.
 

ඇයගේ ප්‍රකාශයට පත් නොකළ දේශපාලන ත්‍රාසජනක කෘතියක් වන Unfinished Business, 2024 දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.