ලක්ෂ තුනක මාසික වැඩිපකට එතෙර රැකියාවකට අවස්ථාවක්!

ලක්ෂ තුනක මාසික වැඩිපකට එතෙර රැකියාවකට අවස්ථාවක්!
රුසියාවේ ඇඟලුම් කම්හල්වල රැකියා සඳහා මෙරටින් පිටත්වන පළමු කණ්ඩායම ඊයේ රාත්‍රියේ (01)  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.
 
මෙම කණ්ඩායමට වයස අවුරුදු 18 – 45ත් අතර කාන්තාවන් 59 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇතුළත්වන අතර මොවුන් රුසියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවය සඳහා යෙදවෙනු ඇත.
 
පළමු කණ්ඩායමේ සාමාජිකයින් සඳහා ගුවන් ටිකට් පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි ආයතනයේදී සිදු කෙරුණි.
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ මෙහෙයවීමෙන් මොවුන් රුසියාව බලා පිටත්ව යන්නේ වසර 3ක කොන්ත්‍රාත් කාලයකට යටත්වය.
 
මෙහි එක් සාමාජිකයෙකුට රුපියල් ලක්ෂ 3කට ආසන්න වැටුපක් සහතික කර තිබේ.