ශ්‍රී ලාංකික උරුමයක් ඇති පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයේ ජීවිතාන්තය තෙක් හිරේ

ශ්‍රී ලාංකික උරුමයක් ඇති පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයේ ජීවිතාන්තය තෙක් හිරේ
බ්‍රිතාන්‍යයේ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සබඳතා ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.
 
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, 25 හැවිරිදි ලුවී ද සොයිසා නමැති මෙම ලාංකිකයා, පොලිස් ස්ථානයේ රැඳවුම් කුටියක් තුළදී මාංචු දමා සිටියදී, පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
 
ලුවී ද සොයිසා, අත්අඩංගුවේ පසුවද්දී 54 හැවිරිදි සැරයන්වරයාට ඔහු සන්තකයේ සඟවා තබාගෙන සිටි පිස්තෝලයෙන් වෙඩි තබා තිබුණු බව සඳහන්ය.
 
මාර්ග සෝදිසියකදී ප්‍රථමයෙන් ඔහු පොලිසිය විසින් රඳවා තබාගෙන තිබුණේ පතොරම් සහ ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවටය.
 
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබූ වෙඩි උණ්ඩ හයක් සහිත පිස්තෝලය හඳුනා ගෙන තිබුණේ නැත.
 

ඒ් අනුව පරීක්ෂණවලින් තහවුරු වීම නිසා සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී නෝර්ත්හැම්ප්ටන් ක්‍රවුන් අධිකරණයේදී විනිසුරු ජොන්සන් මහතා අද දිනයේදී ලුවී ද සොයිසාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන ලදී.