ඉදිරි කාලයේදී විදේශගත වෙනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි

ඉදිරි කාලයේදී විදේශගත වෙනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි
මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ‘DS4’ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
එම සහතිකය ඉදිරිපත් කළ යුත්තේ වයස අවුරුදු 02 - 18 ත් අතර දරුවන් සිටින කාන්තාවන් ය.
 
අදාළ කාන්තාවන්ගේ රැකියා ඉල්ලුම්පත ග්‍රාම නිලධාරීවරයා සහ පිළිගත් නොතාරිස්වරයෙකු සහතික කරන්නේ නම් පමණක් ‘DS4’ සහතිකය නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි..
 

එමෙන්ම, දරුවන්ගේ ආරක්‍ෂාව සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ භාරකරුවන් සහතික කරන ලේඛන ද, ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.