ඕමානයේ ගෘහ සේවිකාව දිවි නසාගත්තැයි දේහය ලංකාවට එවලා

ඕමානයේ ගෘහ සේවිකාව දිවි නසාගත්තැයි දේහය ලංකාවට එවලා

ඕමාන් රාජ්‍ය යේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් එරට දී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් මරණයට පත් කාන්තාවගේ සිරුර මෙරටට එවා ඇති බව ඥාතිහු කියති.

ආණමඩුව කුමාරගම පදිංචි 39 හැවිරිදි ජේ.ඒ.ශීරෝමි ප්‍රදීප් ජයකොඩි  නැමති අවිවාහක කාන්තාව මෙසේ අවාසනාවන්ත අයුරීන් දිවි නසා ගෙන ඇති බව පවසමිනි.

මෙසේ අභිරහස් ලෙස මරණයට පත්ව ඇති කාන්තාව දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා බව කියයි.ඇය තම මව හා පියා ජීවත් කරමින් විදේශ රටවල රැකියාවල නිරත වී ඇති බවද කියයි.

කෙසේ වෙතත් මෙම අවිවාහක කාන්තාවගෙ මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට තරම් ප්‍රශ්ණයක් නොතිබු බවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව ව්‍යාජ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන නිකවැරටිය කොටහෙර ප්‍රදේශයේ පුද්ගලයකු හා හලාවත පදිංචිකරුවකු  හරහා සංචාරක විසා ලබා දෙමින් වංචනික අයුරින් රවටමින් මෙසේ රැගෙන ගොස් ඇති බව ඥාතිහු පවසති.

ඇය පසුගිය කොරෝනා සමයෙ ලංකාවට පැමින ඉන් පසුව මෙම වසරේ ජූලි මාසයෙ 20 දින ඕමාන් රැකියාවට මෙසේ යාමේන් පසු මෙසේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව කියයි.

මෙම අවිවාහක කාන්තාවගෙ පවුලේ පිරිස් චෝදනා කරන්නේ ව්‍යාජ ලිපි ලේඛණ සකසමින් මෙම කාන්තාව ඕමානයෙ ගෟහ සේවිකාවක් ලෙස රැගෙන ගොස් ඇත්තේ සංචාරක විසා මගින් බවයි.

එසේ රැගෙන ගොස් ඕමානයෙ නිවසකට මෙම කාන්තාව ගෘහ සේවයට අලේවි කර ඇති බවත් එහිදි අදාල නිවසේ සිට දුරකථන ඇමතුම් ලබා ගනිමින් තමන් හොදින් ඉන්නා බව පවසා තිබුනද එම ඇමතුමෙන් පසු කිසිදු තොරතුරක් නොමැති වු බවද කියයි.

ඉන් පසු මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවුලේ පිරිස් පැමිනිලි කර තිබුනද ඇය සංචාරක විසා මත නීති විරෝධි ජාවාරම් කරුවන් රැගෙන ගොස් ඇති බවත් එහි තොරතුරු ලබා ගැනිමට කටයුතු කරන බවද දන්වා තිබුනී.

(ලංකාදීප)