ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට යයි

ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට යයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍රලාභී බැංකු සමඟ සහයෝගයෙන් විගමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන 10ක ණය පහසුකමක් ලබා දීමටත්, ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කෙරේ. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල, ණයලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලය තුළ නිත්‍යානුකූල මාර්ගවලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිම කර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, යෝජිත නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.