විදෙස්ගත ශ්‍රමිකයින්ට කොටියක නිවාස ණයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට කොටියක නිවාස ණයක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍ර ලාභී බැංකු සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

උපරිම රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් රජය අපේක්ෂා කරයි.

ගනු ලබන ණය මුදල ණය ලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ග වලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිමකර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ද ගෙවීමට හැකියාව ලැබෙන බව රජය සඳහන් කරයි.