සංක්‍රමණිකයින්ට එරෙහි ඊශ්‍රායල ප්‍රතිපත්තියට එරෙහි වෙමු-VOM හඬ නඟයි

සංක්‍රමණිකයින්ට එරෙහි ඊශ්‍රායල ප්‍රතිපත්තියට එරෙහි වෙමු-VOM හඬ නඟයි

පලස්තීන සංක්‍රමණික කම්කරුවන්ට එරෙහි ඊශ්‍රායල ප්‍රතිපත්තිය හෙළාදකින බවත්, වෙනස් කොට සැලකීමට එරෙහි විය යුතු බවත් “සංක්‍රමණිකයින්ගේ හඬ” සංවිධානය  පෙන්වා දෙයි. 

එම සංවිධානයේ අධ්‍යක්ෂ මයිකල් ජෝකිම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනක දැක්වෙන්නේ ඊශ්‍රායල-පලස්තීන ගැටුම පාදක කරගනිමින් ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සිටි පලස්තීන කම්කරුවන් සේවයෙන් පහ කිරීමට ඊශ්‍රායල් බලධාරීන් ගෙන ඇති තීරණයට ‘සංක්‍රමණික හඬ” ((VOICE OF MIGRANT NETWORK) සංවිධානය ලෙස දැඩි විරෝධය පළ කරන බවයි.

මෙය සංක්‍රමණික ප්‍රජාවන් සම්බන්ධයෙන් මෙන්ම පොදුවේ කම්කරු අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වන හා වෙනස් කොට සැලකීමේ අවමන් සහගත ක්‍රියාවක් බවයි වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ.

මෑත කාලීන පලස්තීන සංක්‍රමණික කම්කරුවන් 72,000ක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩබිම්වල සේවය කර ඇති අතර ආරක්ෂක හේතූන් මත යයි පවසමින්  ඔවුන් සේවයෙන් පහ කිරීමටත්, ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමටත් මේවන විට ඊශ්‍රායල රජය තීරණය කර ඇති බව ඔහු සිහිපත් කරයි.

ඊශ්‍රායලයේ ක්‍රියාව සදාචාර විරෝධී යැයි සැලකීම හේතුවෙන් බොහෝ රටවල් තම සේවකයන් යැවීමට පසුබට වන  තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලය රැකියා අවස්ථා විවෘත කර තිබෙනු දැකිය හැකි බවද, එම නිවේදනයේ දැක්වෙයි.

පාලකයින්ගේ අදූරදර්ශී දේශපාලන තීන්දු මත සිදුවන මෙම ම්ලේච්ඡ ගැටුම් සහගත තත්ත්වයට කුමන රාජ්‍යයක , කුමන වාතාවරණයක් යටතේ වුවද, වැඩකරන ජනයා වෙනස් කොට සැලකීමකට ලක් නොවිය යුත්තේ ඔවුන් කිසිසේත්ම මෙම ගැටුමේ පාර්ශ්වකරුවන් නොව වින්දිතයින්ම වන බැවිනි.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉන්දීය රජය ඊශ්‍රායලය සමඟ අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුමකට අනුව ඉන්දීය කම්කරුවන් 42,000ක් පමණ ඊශ්‍රායලයේ සේවයට යැවීමට තිබියදී , ඊශ්‍රායාල බලධාරීන්ගේ වත්මන් තීන්දු අනුව මෙම පිරිස ලක්ෂයකට අධික වනු  ඇතැයි ගණන් බලා ඇති බවද, එම සංවිධානය සිහිපත් කරයි.

ඒ් අනුව පලස්තීනයේ කම්කරුවන් වෙනුවට ඊශ්‍රායලයට ඉන්දියානු කම්කරුවන් යැවීමට ඉන්දීය රජය විසින්  ගත් තීරණයට එරෙහි වෙමින් ඉන්දියාවේ මධ්‍යම වෘත්තීය සමිති ඒකාබද්ධ වේදිකාව (National Platform of Central Trade Unions) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ "මෙම තීරණය පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ පවතින ජන සංහාරක යුද්ධයේ හවුල්කරුවෙකු බවට ඉන්දියාව පත් කරනු ඇති" බවයි.

මේ අයුරින්ම සංක්‍රමණික සේවකයින් සඳහා ජාතික ජාලයක් ලෙස , ‘සංක්‍රමණික හඬ” ( VOM )  වෙනස්කම්වලට එරෙහිව නැඟී සිටිය යුතු බව හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම වෙනුවට මැදිහත්ව හා  නොබෙදි පිළිවෙතක් තුළ මෙවැනි අකටයුතුකම්වලට අප්‍රසාදය පළ කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

සම්පූර්ණ නිවේදනයට මෙතැනි පිවිසෙන්න..