මියන්මාර සයිබර් වහල් කඳවුරට තවමත් ලාංකිකයෝ යවනවා ද?

මියන්මාර සයිබර් වහල් කඳවුරට තවමත් ලාංකිකයෝ යවනවා ද?

 “කන්න දීලා තිබුණේ කේක් කෑල්ලකුයි, බිත්තරේකුයි විතරයි. මට බඩගිනි මමා ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මම මොනවා කරන්න ද?” ඒ, මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක සේවයේ යෙදෙන්නට බල කෙරී ඇති 34 හැවිරිදි දියණියකගේ මවක්, බීබීසි සිංහල සේවයට කී කතාව ය.

තවමත් වහල් කඳවුරුක පීඩා විඳින දියණියගේ ආරක්ෂාව පතා මෙතැන් පටන් අපි අපගේ කතා නායිකාව වසන්ති යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු.

2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට සයිබර් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින ඇයගේ දියණිය ඉන් බේරගැනීමට ඇය මහත් වෙහෙසක් දරමින් සිටින අතර දැනට එම කඳවුරු තුළ අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු සිටින බවත් ඉන් 15 දෙනෙකු පමණ කාන්තාවන් බවත් වසන්ති කියා සිටියාය.

'මම කොහෙදෝ වට වෙච්ච තැනක ඉන්නේ'

“රුමේනියාවල ඉන්න දුවගේ හොඳම යාලුවෙක් තමයි එයාට යන්න හදලා දුන්නේ. එයා දැන් කියන්නේ එයා දන්නේ නැහැ මේ ගැන කියලා. එයාගේ හස්බන්ඩ්ගේ යාලුවෙක් තමයි යැව්වේ කියලා කියන්නේ. හැබැයි එයාලා දැනගෙන හිටියේ නැහැ කියලා කිව්වට ඒක සම්පුර්ණ බොරු. මොකද එතනට එයාලගෙන් ඊට කලින් ගිය අයත් ඉන්නවා. ඒ අය කියන්න ඇතිනේ මේ තැන මේ වගේ කියලා. එතකොට එයා දන්නේ නෑ කියන්න බැහැනේ.”

තායිලන්තයේ පරිගණක දත්ත ඇතුළත් කිරිමේ (Data Entry) රැකියාවට වසන්තිගේ දියණිය මෙරටින් පිටව යන්නේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වු සම්මුඛ පරීක්ෂණවලින් පසුව එහි පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට රැකියාව ලබා ගැනීම සඳහා ය.

“ඉස්සෙල්ලාම හොඳ වාහනයකින් ඒ අයව ගෙනියනවා හෝටෙල් එකකට. හෝ‍ටෙල් එකේදී දාගන්නවා ෆෝ වීල් ඩ්‍රයිර්ව් වාහනයකට. ඒකට නැග්ගට පස්සේ තමයි ඒගොල්ලෝ දකින්නේ තුවක්කු එක්ක මිනිස්සු ඉන්නවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ව බෝඩර්ස් පන්නලා අරන් යනවා.”

“එතනට ගිහිල්ලා අනිත් දවසේ කෝල් කරලා අඬ අඬ කිව්වා මම දන්නේ නැහැ මම ආයේ එයි ද කියලා. මම කොහෙදෝ වට වෙච්ච තැනක ඉන්නේ කියලා. මං ඇත්තටම ඒක ගණන් ගත්තේ නැහැ. මම කිව්වා රට යන අය එන්න නෙමෙයිනේ බබා යන්නේ කියලා. මොකද එයාගේ නංගී ඉන්නෙත් රට. එයා කිව්වා එහෙම නෙමෙයි මෙතන මෙහෙමයි වැඩ ගන්නේ කියලා විස්තරේ කිව්වා. මිනිස්සුන්ට පෙරළගෙන ගහනවා, හිර කරලා තියෙන්නේ, අපිට එළියටවත් බහින්න බැහැ කියලා කිව්වා.”

චීන බස කතා කරන කල්ලියක් විසින් මෙහෙයවනු ලබන මියන්වාඩි හි සිරවී සිටන වසන්තිගේ දියණිය ඇතුලු පිරිසට පැය 16 – 18 ක කාලයක් සයිබර් වංචාවල නිරත වීමට බල කෙරී ඇත.

ධනවතුන් ඉල්ලක කරගත් ඔන්ලයින් වංචාව

බටහිර රටව ධනවතුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ජාවාරමේ දී ඔන්ලයින් හරහා ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගනිමින් එම පුද්ගලයන් රවටා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් බීබීසීය මීට පෙරද අනාවරණය කළේය.

“ටික්ටොක් ගෲප් එකෙන් කරන්නේ සල්ලි තියෙන අයව සම්බන්ධ කරලා දෙන එක. අපේ දුවලාට තියෙන්නේ බෝයි කෙනෙක් නම් ගර්ල් කෙනෙක් විදියටයි, ගර්ල් කෙනෙක් නම් බෝයි කෙනෙක් විදියටයි ඒගොල්ලන්ට ආදරය කරන්න. ආදරය කරලා සල්ලි ගෙන්න ගන්න. එහෙම නැතිනම් ඒගොල්ලන්ගේ ඔෆිස් එක හරි හොඳයි ඒකේ ඉන්වෙස්ට් කරන්න කියලා, ඉන්වෙස්ට් කළාම ඒකෙන් ලැබෙන ලාභය ගොඩක් වැඩී කියලා, ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට ලාභය දෙපාරක් විතර දීලා ඊට පස්සේ තියෙන සල්ලි ටික ඔක්කොම අරගෙන ඒ සෝෂල් මීඩියා එකවුන්ට් එක වහලා දානවා.” කඳවුරු සිරවී සිටින පිරිසට අකමැත්තෙන් කරන්නට සිදු වී ඇති වංචාව ගැන ඇය එසේ විස්තර කළාය.

'ගැහැණු, පිරිමි කියලා වෙනසක් නැහැ ඒ අයට හරියට ගහනවා'

ඔවුන්ව කඳවුර වෙත ගෙනගොස් සති දෙකකින් පමණ සියලු දෙනාගේම දුරකතන ජාවාරම්කරුවන් විසින් සිය සන්තකයට ගෙන තිබේ.

“අපේ ළමයින්ට වයර්වලින් ගහනවා, ලණුවලින් ගහනවා, මුලදිම එක දුවෙක් ලණුවකින් එල්ලෙන්න ගියා නමුත් අපේ අය එයාව බේරගත්තා. ගැහැණු, පිරිමි කියලා වෙනසක් නැහැ ඒ අයට හරියට ගහනවා. කන්න බොන්නත් හරියට නැහැ. සමහරක් වෙලාවට වේලයි දෙකයි කැවෙන්නේ. වේල් තුනක් කන්න ගොඩාක් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. ඒ අයට ටාගට් එකක් දෙනවා ඒක කර ගන්න බැරි වුණොත් ස්කොටින් දෙනවා නැත්නම් එළියේ දාලා තියෙනවා. ඒ ඔක්කොම නැත්නම් ඩාර්ක් රූම් කියලා එකකට දානවා මාංචු දාලා තියෙනවා. එතනදී කන්න බොන්න දෙන්නේ නැහැ, නිදා ගන්නත් බැහැ. නිදා ගත්තොත් අයිස් වතුර ගහනවා. එතන පැය 48ක් තියෙනවා.”

“ඒ අයට කරන්ට් එක අල්ලනවා. ඒකෙන් පිච්චුණ තැන්වල තිත් තියෙනවා. එහෙම කරපුවාම හරි අමාරුයි ඒගොල්ලෝන්ට එක තැනකට නෙමෙයි සමහරක් දවසට දෙතුන් තැන පුච්චනවා.” කඳුළු සලමින් වේදනාවෙන් ඇය පැවසුවාය.

“ඒ අයට කරන්ට් එක අල්ලනවා. ඒකෙන් පිච්චුණ තැන්වල තිත් තියෙනවා. එහෙම කරපුවාම හරි අමාරුයි ඒගොල්ලෝන්ට එක තැනකට නෙමෙයි සමහරක් දවසට දෙතුන් තැන පුච්චනවා.” කඳුළු සලමින් වේදනාවෙන් ඇය පැවසුවාය.

“ඒ අයට කරන්ට් එක අල්ලනවා. ඒකෙන් පිච්චුණ තැන්වල තිත් තියෙනවා. එහෙම කරපුවාම හරි අමාරුයි ඒගොල්ලෝන්ට එක තැනකට නෙමෙයි සමහරක් දවසට දෙතුන් තැන පුච්චනවා.” කඳුළු සලමින් වේදනාවෙන් ඇය පැවසුවාය.

| විදුලි සැර වැද්ද වීම නිසා පිළිස්සුණු තැන්

'එයාට බෙහෙත් ගන්න යන්න දෙන්න බැහැ කියනවා'

සිය දියණිය වදහිංසාවට ලක්වු අකාරය ගැන වසන්ති බීබීසී සිංහල සමග කියා සිටියේ මහත් සංවේදීව ය.

“එයාට පිටිපස්සට ගහලා තිබුණා කේබල් එකෙන්. මට පෝටෝස් එව්වා. ඒක නිසා එයාට ටික දවසක් යනකම් ඉඳගෙන වැඩ කරන්න අමාරු වුණා. ටාගට් එක කවර් කරන්න බැරි වුණ නිසා තමයි එයාට ගහලා තිබුණේ.”

“පැය දෙකක් විතර දුවවනවා ඒගොල්ලන්ව. මගේ දුවට වීස් එක හැදෙනවා. වීස් එක හැදිලා වැටුණාම බොරු කරන්නේ කියලා එක දවසක අරගෙන තිබුනෙත් නැහැ. නමුත් ඊට පස්සේ හුස්ම ගන්න බැරි වෙනකොට අපේ ළමයි කෑගහලා මෙයාව ගෙනල්ලා. ඇතුළේ ඉන්න දොස්තරලා ගූගල් කර කර බලලා මොනවාද බෙහෙත් වගයක් දීලා තියෙනවා. ඒකට අඩු වුණේ නැති නිසා එලියේ තිබුණ හොස්පිටල් එකට ගෙනිහිල්ලා තිබුණා. එයාට මේ දවස්වල එයාගේ වැඩවලින් සල්ලි එන්නේ නැහැ. ඒ නිසා එයාට බෙහෙත් ගන්න යන්න දෙන්න බැහැ කියනවා සල්ලි පාඩු වෙනවා කියලා. එයාට ඩයබිටික්, කොලෙස්ට්‍රෝල් තියෙනවා මේ දවස්වල එයාට ක්ලින්ක් යන්න දෙන්නේ නැහැ.” සිය දියණිය බේරාගන්නට තමන් දරන උත්සාහය ගැන ඇය පැවසුවාය.

ඔවුන්ව කඳවුර වෙත ගෙනගොස් සති දෙකකින් පමණ සියලු දෙනාගේම දුරකතන ජාවාරම්කරුවන් විසින් සිය සන්තකයට ගෙන තිබේ.

ඔවුන්ව කඳවුර වෙත ගෙනගොස් සති දෙකකින් පමණ සියලු දෙනාගේම දුරකතන ජාවාරම්කරුවන් විසින් සිය සන්තකයට ගෙන තිබේ.

| කඳවුරුවලදී පහර කෑමට ලක්ව ඇති කාන්තාවක්

පසුගිය සතියේත් ලාංකිකයෝ ඇවිත්

පසුගිය සතියේ තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අලුතින් සිය කඳවුරට පැමිණි බව වසන්තිගේ දියණිය ඇයට පවසා තිබු අතර ඔවුන් පැමිණ තිබුණේ ඩුබායි හරහා ය.

“අලුතින් ගිය අය බිම දාගෙන ඇඳගෙන ගිහිල්ලා තිබුණේ. අඬ අඬ මට කිව්වේ ඉවසන්න බැහැ කියලා ඒ දැකපුවා. ඒ අය පැනලා යන්න හදලා. ඒගොල්ලෝ ඩුබායි ඉඳලා තමයි එතනට ගිහිල්ලා තියෙන්නේ.”

8 දෙනෙකු දිවයිනට

මියන්මාරයේ වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 8 දෙනකු පසුගිය අප්‍රේල් මාසයේදී ආපසු මෙරටට ගෙන්වා ගැණුනි.

ඒ, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුවය.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම අනුව නීතිය බලාත්මක කිරීමේ මියන්මාර බලධාරීන් විසින් 2024 අප්‍රේල් 4 වැනි දින මෙම ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා ලදී. බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 11 වැනි දින තායිලන්තයේ මෑසොට් දේශසීමා ද්වාරයේදී ඔවුන් භාරගනු ලැබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

(bbc/Sinhala)