ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්

ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ෂටරින් කාපෙන්ටර්, ටයිල් අතුරන්නන්, කම්බි බඳින්නන් හා කපරාදුකරුවන්ට මේ සඳහා අවස්ථාව උදාවී තිබේ.

වයස අවුරුදු 25-44 අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහත රැකියාවන්ට අදාළ පළපුරුද්ද සහිත පිරිමි ශ්‍රමිකයින්ට මෙම පරීක්ෂණයන් සඳහා සෘජුවම පෙනී සිටීමට අවස්ථාව හිමිවේ. මෙම රැකියාවන්ට අදාළ පූර්ව පරීක්ෂණ අගෝස්තු මස 13 වෙනිදා දක්වා පෙරවරු 8.00 සිට මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී පැවැත්වේ.

පූර්ව පරීක්ෂණ සඳහා පෙනී සිටීමට රු.6000.00 ක මුදලක් අයකරනු ලබන අතර, මේ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් තමන් යොමුවීමට බලාපොරොත්තු වන රැකියාවට අවශ්‍යවන මෙවලම් හා උපකරණ මෙන්ම විදේශ ගමන් බලපත්‍රයද රැගෙන පැමිණිය යුතුවේ.