විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශයෙන් විශේෂ විමර්ශනයක්

විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශයෙන් විශේෂ විමර්ශනයක්

විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවනවිදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ අවධානය යොමු වි ඇත. ඒ අනුව මෙම විමර්ශන ආරම්කොට ඇත. 

ගෘහපාලන සහායිකා රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන්ටපෙරවිගමනික පුහුණුව අනිවාර්ය කර තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් දින 28 ක පුහුණුව ලබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන 8 ක දි හා කාර්යාංශයේ අනුමත පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 10 ක දි මෙම පුහුණුව ලබා ගත හැකිය. එසේම ගෘහස්ත නොවන රැකියා සදහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන් හෝ පිරිමි ශ්‍රමිකයන්ට දින 2ක පුහුණුව ලබා ගත යුතුව ඇත. 

කෙසේ වෙතත් ගෘහපාලන සහායිකා රැකියා සඳහාදින 28 ක පුහුණුවට විකල්පයක් වශයෙන්, දින 150 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටියේනම් ගෘහපාලන සහායිකාපුහුණුව තුලින් නිදහස් කිරීමට හැකියාව ඇත. එහෙත් ඒ සඳහා දින 150 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටි බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදි කාර්යාංශය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අදාල ශ්‍රමිකයාගේ ගුවන් ගමන් විස්තර ආගමන හෝ විගමන දෙපාර්මේන්තුවෙන් පරික්ෂා කරනු ලබයි. මෙලෙස පුහුණුවෙන් නිදහස් කිරිම සදහා කිසිදු ගාස්තුවක් කාර්යාංශය විසින් අයකරනු නොලබන අතර කිසිදු පාර්ශ්වයකට මුදල් ගෙවිමද නොකල යුතුය. 

එසේම ගෘහස්ත නොවන රැකියා සදහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන් හෝ පිරිමි ශ්‍රමිකයන් දින පුහුණුවෙන් නිදහස් කරන්නේ නම් ඒ සදහා දින 30 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටි බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදි ද කාර්යාංශය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අදාල ශ්‍රමිකයාගේ ගුවන් ගමන් විස්තර ආගමන හා විගමන දෙපාර්මේන්තුවෙන් පරික්ෂා කරනු ලබයි. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාලවල දි මෙම සේවාව ලබා ගතහැකිවේ.