ඊශ්‍රායලයේ රෝගී වූ තරුණයකු තනාපති කාර්යාලය පිහිට වෙයි

ඊශ්‍රායලයේ රෝගී වූ තරුණයකු තනාපති කාර්යාලය පිහිට වෙයි

මානසික ආතතිය හා අසනීප තත්ත්වයන් හේතුවෙන්  වසරකට වඩා කිසිඳු හව්හරණක්  ස්ථිර වාසස්ථානයක්  නොමැතිව අසරණව සිටි ශ්‍රී ලාංකික  තරුණයෙකු තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවට පිටත්කර හරිනු ලැබුවා.

2017 වසරේ කෘෂිකර්ම සේවකයෙකු ලෙස පැමිණ පසුව විසා බලපත්‍රයක් හෝ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් නොමැති තත්ත්වයේ සිටි මෙම තරුණයා පිළිබඳව තොරතුරු ලැබුණු පසු ඔහුට තාතාපති කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා යැව්වෙමි. ඒ අනුව ඔහු තානාපති කාර්යාලයට පැමිණියේ  මාස ගණනක් හැඳ සිටි ඇදුම් සමගිනි. ඔහු මාස ගණනක් ස්නානය  කොට නොතිබූණි.

ඔහුට ගමන් බලපත්‍රයක් හෝ  හඳුනා ගැනීමේ කිසිඳු ලියකියවිලි ඔහු සතුව නොතිබුණි. වාසනාවකට මෙන්  ඔහුගේ හැදුනුම්පත් අංකය මතකයේ තිබුණි. ඒ අනුව අපගේ දත්ත පද්ධතිය පරික්ෂා කර ඔහුගේ නිවසේ දුරකථන අංකය සොයා ගැනීමට හැකිවිය. අනතුරුව ඔහුගේ මවට කථාකොට  ඔහුගේ ගුවන්   ගමන්  බලපත්‍රයේ පිටපතක්  ගෙන්නා ගෙන  මුදල් අය කිරීමකින් තොරව අදාළ  තාවකාලික ගමන් බලපත්‍රය නිකුත් කරන අලද්දේ ඔහු සතුව කිසිඳු මුදලක්  නොතිබූ  බැවිනි. ඒ අතර ඔහුගේ තාවකාලික ගමන් බලපත්‍රයට අවශ්‍ය ඡායාරුප  ලබා ගැනීමට තාතාපති  කාර්යාලයට පැමිණ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ශෙකල් 50 මුදලක් ලබා දී තිබුණි.

ඊළඟ ගැටලුව වූයේ  ඔහුට කොළඹ බලා යාමට  ගුවන් ටිකට්පතට අවශ්‍ය මුදල් සපයා  ගැනීමයි. ඔහුගේ මවට එතරම් වත්කමක් නොතිබුන ද කොහෙන් හරි ටිකට් එකට සල්ලි හොයලා දෙන්නම් මගේ දරුවා ලංකාවට එවන්නැයි  ඇය බැගෑපත් වූවාය.  මේ පිළිබඳව කතාබහ කරන අතර ටෙල්අවිව් හි සිටින නදීකා මහත්මිය ද ඔහුගේ ටිකට් පතට මුදල් ලබා දීමට කැමති විය.  ඒ අතරතුර PIBA ආයතනයට කතාකොට ඔහුගේ තත්ත්වය  පැහැදිලි කොට ඔවුන්ගෙන් ටිකට් පත ලබා ගැනීමට තානාපති කාර්යාලයට හැකියාව ලැබුණි. ඒ  නිසා ඒ අසරණ මවගෙන් වැයවීමට තිබූ  රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් යට ඉතිරි විය.

තාතාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය මෙම දින තුනේ දී ඔහුට අවශ්‍ය ආහාර, ගමන්  බෑගයක් හා   ඇදුම් පැළදුම්  මෙන්ම  ටොෆි  හා චොකොලට්  පාර්සලයක් ද ලබා දී තිබිණි.

මෙහි ඇති වැදගත්ම සටහන  මෙයයි. ඔහු සිටි ආකාරයෙන් ගුවන් යානයක පිටත් කර යැවීමට නොහැකි නිසා ඔහුව ස්නානය කොට පිරිසිදු කිරීමේ කාර්යය  තානාපති කාර්යාලයේ ලින්ඩා මහත්මිය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඒ අනුව ඔහුව අයගේ නිවසට කැඳවාගෙන ගොස් ස්නානය කිරීමට පහසුකම් සපයා ඔහුට අවශ්‍ය අලුත් ඇදුම් හා ලංකාවේ මුදලින්  රුපියල් 50,000/ වටිනා  සන්නාම නාමයන් සහිත අලුත්ම සපත්තු යුගලක්  ලින්ඩා මහත්මිය ඔහුට ලබා දී තිබුණි.  මෙහි ඇති ඡායාරුපය මා වෙත එවමින්  ලින්ඩා   මහත්මිය සදහන් කළේ (A new Man) යනුවෙනි.

මේ සියල්ල අවසානයේ අද දින උදෑසන ඔහු ටෙල්  අවිව්  ගුවන් තොටුපලට කැඳවාගෙන යන ලද්දේ  තානාපති කාර්යාලයේ දෙවන ලේකම්  නිරෝෂන් අමතා විසිනි. ඔහු ඩුබායි  හරහා ගමන් කරද්දී ඔහුගේ උදව්වට ඩුබායි  කොන්සල්  ජනරාල්  කාර්යාලයේ සේවය කරන අමල් දසනායක මහතා පැමිණ තිබුණි. කොළඹ ගුවන් තොටුපලේදී ඔහුව් අබාරගෙන තම මවට බාර දීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යයංශයේ නිලධාරීන් විසින් භාර ගෙන තිබුණි.

අද දින සවස ඔහුගේ මවට  තම වැඩිමහල් පුත්‍රයා ද ඔහුගේ සහෝදරයාට තම වැඩිමහල් සහෝදරයා ද දැක ගැනීමට ලැබෙනු ඇත.  විදේශ ගතවී සේවය කරන ඔබ සාම දෙනෙකුගේම ජිවිතය අපට වැදගත්ය. ඒ ඔබ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් බලා සිටින ආදරනියයෙකු එහි සිටින බැවින්  එතෙක් ඔබ සුරැකිව ඔවුන් වෙත යැවීමේ  අපගේ වගකීම වන හෙයිනි.

මෙම සත් කාර්ර්යයට  දායක වූ සැමට තුති.

| නිමල් බණ්ඩාර, තානාපති, ඊශ්‍රායලය

(මුහුණ පොතින්)