විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට අදාල නීති මේ වසර තුළ ගෙන එන ලෙස Voice of the Migrants සංවිධානය ඉල්ලා සිටි.
පසුගියදා (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක් වූ එම සංවිධානයේ ලේකම් මණ්ඩල සාමාජික කල්ප මදුරංග මහතා කියා සිටියේ,පසුගිය මැතිවරණවලට ජාතික ජන බලවේගයේ පුනරුදයෙන් එතෙර ප්‍රකාශයට අනුව සහ ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේ දී කී පරිදි විදෙස් ගත ලාංකිකයන්ට ඡන්දය ලබාදීම සඳහා රජය වැඩ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත් ,වර්තමාන රජය ඒ සඳහා රජය පත් කමිටුව , ඩයිස්පෝරාවේ අභිමතය පරිදි නොව, ලක්ෂ පහළොවට ආසන්න විදෙස්ගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව කල්ප මදුරංග මහතා මෙහි දී පැවසීය.
2023 තුන්වෙනි කාර්තුවේ සිට මේ රටට වැඩිම විදේශ ප්‍රේෂණ ඒවා ඇත්තේ මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් බව කල්ප මධුරංග මහතා පෙන්වා දුන්නේය.
ලක්ෂ තිහකට ආසන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිටින නමුත් මෙරට ආර්ථිකයට සෘජුවම දායකත්වය ලබා දෙන ලක්ෂ පහළොවක් පමණ වන මැද පෙරදිග ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබාදී ඔවුන් ජාතික මැතිවරණවල කොටස්කරුවන් කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව කල්ප මදුරංග මහතා මෙහි දී පැවසීය. මීට පෙර රජයන් මෙි සඳහා කැබිනට් තීරණ තුනක් තිබුණ ද කමිටු පත් කළ ද ඒ සඳහා වන නීති ගෙන ඒමට කිසිවෙකු කටයුතු නොකළ බවත්,
කල්ප මදුරංග මහතා පෙන්වා දුන්නේය.
රජයේ ඩිජිටල්කරණය සඳහා වන උනන්දුව තහවුරු කරමින්, E voting ක්‍රමය තුළින් තම ඡන්දය ලබාදීමට විදෙස් ගත ශ්‍රමිකයන්ට අවස්ථාව සලසාදීම රජයේ වගකීම් බව ඔහු අවධාරණය කළේය.
මෙහි දී අදහස් දැක්වූ එම ලේකම් මණ්ඩලයේ සාමාජික මයිකල් ජෝකිම් මහතා කියා සිටියේ, ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා වත්මන් රජය පෙන්වන උනන්දුව ගැන ස්තූතිවන්ත වන බවය.මෙම ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා E voting ,තානාපති කාර්යාල,තැපැල් ක්‍රමය හෝ යොදා ගත හැකි නමුත් හොඳම ක්‍රමය E voting ක්‍රමය බව ජෝකිම් මහතා පෙන්වා දුන්නේය.ලක්ෂ තිහකට ආසන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එකවර මෙය ක්‍රියාත්මක කිරීම අපහසු නම් කළ හැකි හොඳම ක්‍රමය මේ වන විට විදේශ රැකියාවල නිරත වී ස ලක්ෂ පහළොවකට ආසන්න පිරිසට මෙම ඡන්ද අයිතිය ලබාදීම බව ඔහු පැවසීය. මුලදී අඩුපාඩු ඇතිවිය හැකි නමුත් පළමුව මෙය ක්‍රියාත්මක කර පසුව අඩුපාඩු සකස් කර ගත හැකි බව ජොකීම් මහතා යෝජනා කළේය.
රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය ලේකම් අශෝක රාජපක්ෂ මහතා කියා සිටියේ,රජය ගත් අනිත් තීරණ මෙන් මෙම තීරණය රිවර්ස් ගියරේ නොදමා ඉදිරියට යන ලෙසයි.එසේම මෙය ක්‍රියාත්මක කිරීමත් සමගම මෙම ඡන්ද ක්‍රමය පිළිබඳව එම ජනතාව දැනුවත් කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඔහු ඉල්ලාා සිටියේය.
මෙම විදේශ සේවා නියුක්තිකයන් පසුගිය වසරේ රුපියල් බිලියන අටකට ආසන්න මුදලක් මේ රටට ඒවා ඇති බවත් එම නිසා ඒ අයට කළගුණ සැලකීමට ඔවුන්ට තමන් සිටින රටවල සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ප්‍රධාන අදියරක් බව Stand Up සංවිධානයේ අශිලා දන්දෙනිය පැවසුවාය. රජයට තුනෙන් දෙකේ බලයක් ඇති නිසා මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නැති බව ද ඇය පෙන්වා දුන්නාය.
| උපුල් ජනක ජයසිංහ

