
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී, යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 249 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් මේ ආකාරයට විදේශ ගත වී, යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගෙන්වා තිබූ අතර ඔවුන් අද (10) දින අලුයම 5.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
එලෙස පැමිණි අය අතුරින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය ලාංකික කාන්තාවන් වෙන බව ආරංචි මාර්ග වාර්තා කරන්නේ.