ශ්‍රී ලාංකිකයින් ඇතුළු 27ක් නයිජීරියාවේදී අත්අඩංගුවට පත්වෙලා

ශ්‍රී ලාංකිකයින් ඇතුළු 27ක් නයිජීරියාවේදී අත්අඩංගුවට පත්වෙලා
නයිජීරියාවේ නයිජර් ඩෙල්ටාවෙන් බොරතෙල් නීතිවිරෝධීව ලබාගැනීමට පැමිණි බවට "හෙරොයික් ඉදුන්" නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම 27 දෙනා ලබන ජනවාරි මස 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ  රඳවාතැබීමට බැව් විදෙස් පුවත් සේවා උපුටා දක්වයි.. 
 
එම සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් ගැන සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශ වලින් අවසර ඉල්ලා ඇති බව නයිජීරියාවේ මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.