දින 28 පුහුණුව නිසා ශ්‍රමිකයින්ට වැඩි වැටුප් - වැඩි ආරක්ෂාව - අමාත්‍ය මනුෂ නානායක්කාර

දින 28 පුහුණුව නිසා ශ්‍රමිකයින්ට වැඩි වැටුප් - වැඩි ආරක්ෂාව - අමාත්‍ය මනුෂ නානායක්කාර

ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා දින 28ක පුහුණුව අනිවාර්ය කිරීම මගින් ශ්‍රමිකයින්ට ආරක්ෂාව මෙන්ම වැඩි වැටුප් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, මෙයට විරුද්ධ වන ඇතැම් ජාවාරම්කරුවන් මේවායින් රිංගා යාමට උත්සාහ ගන්නා බවත් පුහුණුවක් ලබාදෙන බව පැවසූ විට ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතනත් කලබල වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කොරියානු කෘෂි ක්ශේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණුව සහ ගෘහ පාලිකා රැකියා සදහා වන පුහුණුව ලබාදෙන ස්ජොන්ග් වර්ල්ඩ් සමාගමේ පුහුණු මධ්‍යස්ථානය සහ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපේ රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන්. වැඩිම උපාධිධාරීන් වැඩිම පිරිසක් ඉන්නේත් කාන්තාවන් හැබැයි රැකියාවක් නොකරන වැඩිම පිරිසත් කාන්තාවන්.  ඉගෙන ගත්ත කාන්තාවන් බැන්දාට පස්සේ රැස්සාවට එන්නේ නැහැ.

ඒ නිසාම අද බුහතරයක් උගත් කාන්තාවන් රැකියාවන් කරන්නේ නැහැ. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම් කාන්තා සහභාගීත්වය ඉතාම අඩුයි. ලංකාවට කාන්තා ව්‍යවසාකයක්තවය ඉතාම වැදගත් දෙයක්. මොකද ගෙදර හරියට කළමනාකරණ කාන්තාවට රටේ මේ ව්‍යවසායකත්වයට අත දෙන්න පුළුවන් නම් ඒක රටට විශාල ශක්තියක්.

කොරියාවට රැකියා සඳහා ශ්‍රී ලංකිකයින් යොමු කිරීමට හැකියාව තිබුනේ රාජ්‍ය අංශයට විතරයි. මොකද ඒ රටවල් දෙකක් අතර පැවති ගිවිසුමක් සමඟයි  මේ කටයුතු සිදුවුනේ. ඒත් කොරියානු රාජ්‍යත් එක්ක සාකච්චා කරලා වෑද්දුම් ශිල්පීන්, පින්තාරු ශිල්පීන් සහ ග්‍රහින්ඩර්ස්ලා වගේ අයව නාවික කර්මාන්තය සඳහා යොමුකරන්න මම කටයුතු කළා.

එහිදි රාජ්‍ය අංශ වගේම පුද්ගලික අංශය ඔස්සේද කොරියානු රැකියා ලබා ගැනීමට අවස්ථාව උදා කරගන්න හැකියාව ලැබුනා. ඒ වගේම අපේ මේ වෑද්දුම් ශිල්පීන් බහුතරයක් යන්නේ එරට නාවික කර්මාන්තයට අදාලව පවතින රැකියා අවස්ථා සඳහායි.

දැන් කොරියානු නාවික කර්මාන්තය තුල ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට විශාල ඉල්ලීමක් තියෙනවා. ඉදිරයේදී ඒ සඳහා තවත් විශාල වශයෙන් අවකාශය සැලසෙන බවට අපි පෙනෙන්නට තියෙනවා.

අනිත් ක්ෂේත්‍රය තමයි කොරියාවේ කෘෂි කාර්මාන්ත ක්ෂේත්‍රය. ඒකට ගොඩක් අය නගර සභා සම්බන්ධ කරගෙන ලියුම් අරගෙන ආවා. ඒ්ත් කිසිම කෙනෙකුට සාර්ථකව වැඩටික කරගෙන යන්න අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් අද මෙතන ඉන්න චමිලාට ඒ කටයුත්ත ඉතාම විනිවිදභාවයක් ඇතිව සිදුකරන්න හැකියාව ලැබුනා.

ඒ නිසා තමයි මම ඒ අයගේ ආරාධනයට කොරියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඒ නගරසභා වල නගරාධිපතිවරුන්ව හමුවෙන්න ගියේ.  දුර ප්‍රමාණයක් වැඩි නිසා අපිට දවසකට තැන් දෙකකටයි යන්න පුළුවන් වුනේ. ඒත් අපි කොහොමහරි ගිහින් ඒ පිරිස් හමුවෙලා අපේ රටේ ජනතාවට එම ප්‍රදේශ වල තිබෙන රැකියා අවස්ථා ලබා ගන්න කටයුතු කළා.

කොරියාවේ අපේ තානාපති කාර්යාලයක් තියෙනවා. හැබැයි තානාපති කාර්යාල වලින් සිදුවෙන්න ඕනේ සමහර කාර්යයන් එවායේ ඉන්න පිරිසගේ අඩු නිසාම කරන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසාම තානාපතිවරුන්නට මේ දේවල් කරන්න වෙලාවක් නැහැ.

අපි මේ විදිහට ගිහිල්ලා නගරසභා අතර කටයුතු කරන්න තිබුණ  සැලසුම වෙනුවට රාජ්‍යන් අතර කරන්න කියලා ඉල්ලා සිටියා. අපි කිව්වා මේ දේවල් කරන්නේ රජයක් විදිහටයි කියලා. අපි එහෙම කලේ එහෙ වුනේ නැත්තම් අපි ඇතැම් පිරිස් කොරියාවට  මාස 6කට විතර ගිහිල්ලා අයේ එන්න නැතිව ඉන්නවා. එහොම වුනානම් අපිට දැනට කොරියාවට යවන පිරිසට යන්නත් තියෙන අවස්ථාව නැතිවෙනවා.

මොකද මෙහෙ සල්ලි ඉපයීමේ අවශ්‍යතාවය මතම ඒජන්සි පිරිසව කොරියාවට  යැව්වොත් අපිට කොරියාවෙන් මෙච්චර කාලයකට තිබ්බ අවස්තාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක නැති කරගන්න කටයුතු කරන්නේ නැහැ.

සරලව කියනවා නම් රත්තරන් බිත්තර දාන කිකිලිව මරාගන්න අපිට වුවමනාවක් නැහැ. මොකද කොරියාව කියන්නේ අපිට ගොඩක් රැකියා අවස්ථා ලැබෙන රටක්. ඒ නිසාමයි අපි ඉතාම පරිස්සමෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ. අපිට රටේ අනෙකුත් ආයතන වලටත් මේ වගේම අවස්ථා විවෘත කරලා දෙන්න හැකියාව ලැබෙයි.

කොයි වැඩේට ගියත් පුහුණුව අත්‍යාවශ්‍ය කාරණයක්. ඉස්සර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විතරයි පුහුණුවීම් කළේ. අපි ඒක විමධ්‍යගත කළා. අපි වෙනදා බදාගෙන හිටිය දේවල් බෙදලා දෙනවා.

රජයට හැමදේම කරන්න බැහැ. රජය කරන්න ඕනේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව සහ සුභසාධනය විතරයි කරන්න ඕනේ. ඒ වගේම නියාමන කටයුතු විතරයි රජය කරන්න ඕනෙ. අනිත් දේවල් වලට පුද්ගලික අංශය සම්බන්ධ කරගතයුතුයි. ඒ තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒක තමයි රටේ ප්‍රතිපත්තියත් වියයුත්තේ.

අපි පුද්ගලික අංශයට ආරාධනා කළා පුහුණු වැඩසටහන් වලට. රජයත් වෘත්තීය අධිකාරිය හරහා  පුහුණු වැඩසටහන් වලට බිලියන ගණනක් වැයකරනවා. ඒ අයටත් අපි ආරාධනා කළා විදේශගත වන ශ්‍රමිකයන් වෙනුවෙන්ම පුහුණු ආරම්භ කරන්න කියලා. ඒ අනුව රටේ බොහෝ ආයතන ඒ සඳහා සම්බන්ධ වුනා.

අපිට කොරියාවට විතරක් නෙමෙයි රටවල් රාශියකට අදාල පුහුණු වැඩසටහන් ආරම්භකරන්න කටයුතු කරනවා. එහිදී ඊශ්‍රායලය වගේ රටවල් කෙරෙහිත් අවධානය යොමුකරනවා. එතකොට තමයි අපේ ශ්‍රමිකයින්ට කරදයක් නැතිව රස්සාව කරලා නැවතත් සුරක්ෂිතව මේ රටට එන්න අවස්තාව ලැබෙන්නේ. ඒ වගේම පුහුණුවක් සහිතව ගියාම අපේ ජනතාවට වැඩි පඩියක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා.

ඒත් අපේ රටේ පුහුණු වෙන්න කිව්ව ගමන් කියන්නේ බැහැ කියලා. පාස්පෝට් එක තියෙනවා, මම ඡන්දයට මේච්චර වැඩ කරල තියෙනවා ඒ නිසා මාව යවන්න බැරි නම් මොකක්ද තියෙන වැඩි කියලා කියනවා.

දැන් කියනවා මම ගාල්ල නියෝජනය කරන කැබිනට් ඇමති ඒත් ගාල්ලෙන් රට රැකියා වලට කට්ටියව යවන්නේ නැහැ කියලා. ඒත් මොනදේ වුනත් පුහුණව තියෙනවා නම් විතරයි අපිට විදේශ රැකියා වලට යවන්න පුළුවන් වෙන්නේ.

පුහුණුවක් දානවා කිව්වාම සමහර විදේශ රැකියා නියෝජිත ආයතනත් කලබල වෙනවා. මොකද මීට ඉස්සර කිසි පුහුණුවක් නැතිව හරක් පටවන්න වගේ ජනතාව රට යැව්වා. ඒත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණයක් අරගෙන තියෙනවා පුහුණුවකින් තොරව කිසිම අයෙකුව අපි විදේශගත කරවන්නේ නැහැ කියලා.

ඉස්සර අපි ගෘහ සේවයට යවද්දි පුහුණුවක් නැතිව යැව්වා. එතකොට ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න ඇති වුනා. ඒ වගේම ඒ අයට ලැබුණ වැටුපත් අඩුයි. නමුත් අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා උසස් මට්ටමේ ගෘහ පාලිකාවන් විදිහට විදේශගත කරන්න. 

ඒකට අපි අනිවාර්ය දින 28ක පුහුණුවක් ලබා දෙනවා. එතකොට ඒ රටට ගිහින් ආයේ එන්න ඕනේ කියන්නේ නැහැ. මොකද මේ අයව දින 28 නේවාසික පුහුණුවක් තියෙනවා. මොකද නැත්තම් මේ අය පුහුණුවක් නැතිව ගිහිල්ලා හෝම්සික් හැදිලා අයේ එන්න ඕනේ කියලා කියනවා.

එහිදී අපි ඒ අයට විදේශගත වුනොත් ඉන්න පුළුවන්ද ? ඒ රටේ උපකරණ භාවිතා කරන්න පුළුවන්ද? ආහාර උයන්න පුළුවන්ද කියන කාරණා උගන්වනවා. ඒ වගේම අපිට ඒ රටවල් එක්ක ගිවිසුම් ගතවෙලා අනිවාර්යෙන්ම මේ පුහුණුව තියෙනවා නම් විතරයි එවන්නේ කියලා එකගතාවක් ඇති කරගෙන අපේ ජනතාවගේ වැටුප් ආරක්ෂාව වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.

මේකට ඇතැම් ජාවාරම්කාරයන් කැමති නැහැ. ඒ අය බලන්නේ කොහොමහරි මේවායෙන් රිංගල යන්නයි. හැබැයි අපි මේ ක්ෂේත්‍රය වෙනස් කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

කොරෝනාවෙන් පස්සේ අපිට තෙල් ටික ගහගන්න බැරි තත්ත්වයට පත්වුනා. තෙල් පෝලිම්වල මිනිස්සු මරුණා. ගාල්ලේ තවලමේදී බට්ටා ලොරියක් ඇතුලේ අපේ වැඩිහිටියෙක් මරණයට පත්වුනා. තෙල් පෝලිම් වල ගහගත්තා. ඒ නිසාම ව්‍යපාරිකයින් මේ රට දාලා ගියා. වෘත්තිකයින් රට දාලා යන්න පටන්ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ගහලා මරලා දැම්මා. ගෙවල් ගිනි තිබ්බා. ඒත් මේක පටන් ගත්තේ තෙල්, ගෑස් නැති වුන එකෙන්. එතනිනුයි ජනතාව පාරට බැස්සේ. මැදපන්තියේ සිට සියලුමදෙනා පාරට බහින්න ගත්තේ තෙල්ටික, ගෑස් ටික නැතිවෙනකෙටයි. විදුලිය කපනකොටයි. ජනතාවට කිසිම දෙයක් කරගන්න බැරිවුනා. දරුවන්නට පාඩම් කරන්න බැරි වුනා.

තෙල් නැව මුහුදේ තිබිලා තෙල් ටික රට ඇතුලට ගේන්න බැරි වුනා. ඒ වෙලාවේ නැව රට ඇතුලට ගේන්න ඩොලර් මිලියන 50ක් නැතිව කරකියා ගන්න බැරි වුනා.

ඒත් අපිට දැන් එහෙම තත්ත්වයක් මතකත් නැහැ. අපි අද පඩි වැඩි කරන්න කියලා ඉල්ලනවා. ඒත් එදා ආපු විදිහට පාර්ලිමේන්තුවත් ගිනි තියලා දැම්මානම් මේ ව්‍යාපාර කරන්න පුළුවන් වෙයිද?  එහෙම වුනා නම් නැවතත් චිට් එක දුන්නාම ලයිට් එක ඕෆ් කරන්න වෙන යුගයක් ඇතිවෙන්න ඉඩ තිබ්බා. ඒක් අපිට වෙනස් කරන්න හැකිවුනා. ඒ අපිට තෙල් ගෙන්න සල්ලි එවපු විදේශ ශ්‍රමිකයන් නිසයි.

අද වෙනකොට ඩොලර් බිලියන 7.5ක් විදේශගත ශ්‍රමිකයන් එවලා තියෙනවා. අපිට අයි.එම්.එෆ් එකෙන්  ලැබෙන්නෙත් ඩොලර් බිලියන 2.8ත් බිලියන 3ත් අතර ප්‍රමාණයක්.

අපේ අපනයන ආදායමේ මුළු එකතුවත් විදේශ ශ්‍රමිකයින් එවන මුදලට සමාන කරන්න බැහැ.

මේ රටට එකදු සංචාරකයෙකුවත් ආවේ නැති රටක් අද වෙනකොට මිලියනකට අධික පිරිසක් ඇවිත් තියෙනවා. ඒත් අපේ රටේ ප්‍රධාන විදේශ ආදායම එන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඒකට සමාන කරන්න වෙන කිසිම ආදායමක් නැහැ.

අපේ රටට සල්ල එවන්න එපා කියලා කයිය නායකයින් කිව්වා. ඒත් අපේ ජනතාව රටට සල්ලි එව්වා. ඒ අය සල්ලි එවලා තෙල් ටික ගහන්න ලැබෙනවා.

ලබන වසරේ ජුනි ජූලි මාස වෙනකම් අපිට තෙල් ටික ගෙන්වා ගන්න අදාල ගිවිසම් ගත වෙන්නත් අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා. බෙහොත් ටික ගෙනාවා. ගෑස් තියෙනවා ලයිට් තියෙනවා. ඒත් මිලයි. ඒවා නැතිවෙන එකද හොද නැත්තම් ඒ අයාතන පවත්වාගෙන යන්න පුළුවන් විදිහට කරගෙන යන එකද හොද?

අඩුම තරමේ ජනාතවට හුස්ම ගන්නවත් පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒ තැනට එන්න පුළුවන් වුනේ විදේශගත ශ්‍රමිකයින් දැක්වූ සහය නිසයි.