ඕස්ට්‍රේලියාවට පනින්න ගිය තවත් 35ක් මාට්ටු

 ඕස්ට්‍රේලියාවට පනින්න ගිය තවත් 35ක් මාට්ටු
බහුදින යාත‍්‍රාවකින් නීති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක‍්‍රමණිකයන් 35 දෙනෙකු නාවික හමුදාව විසින්  පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම පිරිස අබලන් වූ යාත්‍රාවකින් අවදානම් සහගත ගමනක් යමින් සිටි බව නාවික හමුදාව පවසයි.
 
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 25 දෙනකු, කාන්තාවන් 04 දෙනකු හා කුඩා දරුවන් 06 දෙනකු සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියි.
 


 
 
 


 
නාවික හමුද පෙරේදා සවස් කාලයේ පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බහුදින යාත‍්‍රාවක් නිරීක්ෂණ වී ඇති බවත්, එය නවත්වාගෙන වැඩිදුරටත් සොදිසි කිරීමේ දී එහි සිටි මෙම සංක‍්‍රමණිකයන් පිරිස අත්අඩංතුවට ගත් බවත්,
සඳහන්ය.
 
මෙම යාත‍්‍රාව නාවික හමුදාව  වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ ද එහි එංජිමේ කාර්මික දේෂයක් නීරීක්ෂණ වු බවත්, මෙම යාත‍්‍රාව දීර්ඝ මුහුදු ගමනකට කිසිසෙත් නොසුදුසු තත්ත්වයේ තිබු එකක් බවද නාවික හමුදාව පවසයි.