විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයනයට අවසර හිමිවෙයි

විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයනයට අවසර හිමිවෙයි

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේ දී ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

තීරු බදු සහනයක් නො වන වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද මනුෂ නානායක්කාර සඳහන් කරනවා.


වැඩබිම තවත් පුවත් කියවන්න...



 මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බව ද ඇමැතිවරයා අවධාරණය කරනවා.