විදේශයන්හි සිරවී සිටි ලාංකිකයින් 372ක් දිවයිනට

විදේශයන්හි සිරවී සිටි ලාංකිකයින් 372ක් දිවයිනට

කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 372 දෙනෙකු ඊයේ අලුයම් කාලයේ දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු,ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැමිණි ලාංකිකයින් 04 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 07 දෙනෙකු එලෙස පැමිණි පිරිසට අයත් බවයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යාභාර කළමනාකාරවරයා සඳහන් කළේ.

තවද මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් 69ක්ද පැමිණි පිරිස අතර වෙයි.

ඔවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩබිම